2 බ්ලොග් එකක් හදන්නේ කොහොමද?

 
                        ඔන්න ඉතින් දැන් කාලේ නිතර බ්ලොග් ගැන කියනවානේ ගොඩක් කෂ්ටිය. බ්ලොග් එකක් ලස්සනට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒකට නොයෙකුත් ගැජට් එකතු කරන්නේ කොහොමද කියලා. නමුත් මම දැක්කා අපි මේ බ්ලොග් ගැන කොච්චර කියෙවුවත් ඒ බ්ලොග් එකක් මුලින්ම හදාගන්න හැටි දන්නේ නැති අපේ ‍කොල්ලෝ ගොඩක් ඉන්න බව. මුහුණු පොතේ විවිධ පෝස්ට් මගින් මේ ගැන අහලත් තිබ්බා. ඉතින් මට හිතුනා දන්න සිංහල භාවිතා කරලා එයාලට පොඩි සපොට් එකක් දෙන්න. ඒකයි මේ ලහි ලහියේ මේක ලියන්න හිතුනේ. දැන් ‍එහෙනම් බලමු අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා.
Read more

0 ඊමේල් මගින් බ්ලොග් එකට ලිපි දාමු

             ඔන්න ඉතින් කොල්ලනේ මම අද කියන්න යන්නේ තවත් මරු වැඩක් ගැනයි. ඒ තමයි අපි අපේ බ්ලොග් එකේ පලවෙන ලිපි කෙලින්ම ඊමේල් මගින් යවා එය බ්ලොග් එකේ පල කරන්නේ කොහොමද කියලා. මේක සිම්පල් කේස් එකක්. මේක අපේ බ්ලොග් එක මගින්ම අපිට දීල තියන පහසුකමක්. ඉතින් අපේ අයියලා ගොඩක් මේක දන්නවත් ඇති. හරි කමක් නෑ නොදන්න අයටවත් දැනගන්න ලියන්නම්කෝ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ.

Read more

0 අපේ බ්ලොග් එකෙන් චැට් කරමු

 
              කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන ‍අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි.
Read more

0 ඔබගේ අඩවිය ඇතුළත් කිරීමට

                  කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ‍ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. නමුත් මම ඊට වඩා ගොඩක් වෙනස් විදිහටයි මේක කරන්න යන්නේ. මේ වගේ පුළුල් ප්‍රචාරයක් දෙන වෙන කෙනෙක් ඔන්න ඉතින් ලොවෙත් නෑ :D 
       
Read more

3 Word file එක‍ට password එකක් දාමු




                          කොහොමද ඉතින් යාළුවනේ.  දවසකට දෙකකට පස්සේ ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. කොහෙද ඉතින් මෙකටත් වෙලාවක් තියනවායැ.:D හරි එහෙනම් මෙන්න මේකයි කාරනේ. යාළුවෝ ගොඩක් දෙනෙක් Microsoft Office Word වලින් වැඩ‍ කරනවා ඇති නේද? මම දැන් කියන්න යන්නේ මේකේ පොඩි වැඩක් ගැනයි. මෙච්චර අගේ කලාට මේවගේ සිම්පල් ගේම් අපේ කොල්ලෝ ගොඩක් දන්නවා. හැබැයි ඉතින් මේවා ‍ගැන හොයන අයත් ඉන්නවානේ. ඒකයි මේක ලියන්න හිතුවේ. අපි බලමු මොකක්ද මේ වැඩේ කියලා. වැඩේ තමයි අපි ටයිප් කරපු මොකක් හරි ලිපියක් සදහා වෙනත් කෙනෙකුට බලන්න බැරි විදිහට පාස්වර්ඩ් එකක් ලබා දීම.  ඔයාලා ඉතින් ඉදල හිටල හරි පුද්ගලික වැඩත් මේ මගින් කරනවා ඇතිනේ. ඒකට හොද විසදුමක් තමයි මේක. කථාව නැතුව අපි බලමු මොකක්ද මේ ක්‍රමය කියලා.

             මුලින්ම ඔයාලා Microsoft Office Word  එක විවෘත කරගන්න.

මම නම් ඉතින් මේක කරන්නේ Microsoft Office Word 2007 වලින්. 
 
පසුව office button එක ඔබන්න.
 

 පසුව Prepare වෙත පිවිසෙන්න.
 

එහි encrypt document  වෙත පිවිසෙන්න.

පසුව එන ස්ථානයේ තමන්ගේ මුර පදය ටයිප් කරන්න. 

දැන් ok කරන්න. 

නැවත Reenter password කියන ස්ථානයේ පෙර දුන් මුරපදයම සටහන් කර නැවත ok කරන්න. 


ඔන්න හරි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. අපි නැවත මේ Word file එක‍ට ඇතුළු වන විට පෙර සදහන් කල මුර පදය සටහන් කිරී ම අනිවාර්ය වේ.
අදට එහෙනම් ඇති. පසු දවසක හමුවෙන තුරු ඔබට සමු දෙමි. ස්තූතියි මා මිතුර. මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුවේනම් අදහසක් ඉදිරිපත් කරලම යන්න. එහෙනම් ඔබට ජයවේවා!
Read more

0 නත්තල

                       
                  සෑම වර්ෂයකම දෙසැම්බර් මස 25 වැනි දින නත්තල ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් හා ඇතැම් වෙනත් ආගම් වල ජනතාව විසින්ද සමරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගෙන් 96% මෙම උත්සවය සමරන බව වාර්ථා වේ. නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සැමරීම මෙහිදී සිදුකරන කාර්ය්‍යයි. මෙම දිනයන්හීදී ක්‍රිස්තියානි දේවස්ථාන වලදී නොයෙකුත් උත්සව පැවැත්වීම, ගේ දොර සැරසීම, නත්තල් සීයාගේ ආගමනය සිදුවේ. මෙම කාලසීමාවේදී සැන්ටා ක්ලෝස් (Santa Claus) හෙවත් නත්තල් සීයා කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතයකි. නත්තල් කාල සීමාව තුළදී තෑගි එන ඒම වෙනුවෙන් ඔවුන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. මොහුගේ වර්ථමාන හැඩ රුව 19 වැනි සියවසයේදී සිදුවී ඇත.

                        සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ජේසු තුමන්ගේ උපන් දිනය උදාවන තුරු සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත ( Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිමා අතර ජේසු තුමන් බැලීමට පැමිණි "රජ තුන් කට්ටුව" වැදගත් වේ. ඔවුන් "බෙත්ලෙහෙමේ තරුව" නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත "රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම්" පුද කර ඇත.


වචනාර්ථය.

                       Christmas (ක්‍රිස්මස්) යන වචනය නත්තල යන්නෙහි ඉංග්‍රීසි යෙදුම වන්නේය. මෙහි අර්ථය ලෙස දැක්විය හැක්කේ "ක්‍රිස්තු තුමන්ගේ පූජාව " යන්නයි. එසේම ඇතැම් අවස්ථාවන්හී දී Christmas යන්න Xmas ලෙසද භාවිතයේ දක්නට ලැබේ.

ජේසු උපතට පෙර පරිසරය

                           ජේසු තුමන්ගේ පහලවීමට පෙර සිටම ලොව පුරා දෙසැම්බර් මාසය තුළ උත්සව පවත්වා ඇති බව ඉතිහාසය පිරික්සීම තුළින් ගම්‍යමාන වේ. මෙම උත්සව මෙකල පැවැත්වීමට විශේෂ කරුණු පාදක වු බව සිතිය හැක. එනම් ශීත කාලයේ දී ගොවිතැන් කටයුතු අඩු වීම සහ උතුරු අර්ධ ගෝලයේ පවත්වනු ලබන ශීත සෘතු සූර්යනියුක්තියෙන් පසු ජනතාව විසින් දීර්ඝ දිනයන් මෙන් ම කෙටි රාත්‍රියන් ද බලාපොරොත්තු වීමයි. එසේම මෙම උත්සව කාලයේ සිදු කළ කටයුතු සමහරක් නම් රෝමානු උත්සවයකින් (Roman Saturnalia) පැවත එන තෑගි බෙදා දීම සහ සිනහ උපදවන ක්‍රියා කිරීම; රෝමානු අලුත් අවුරුද්දෙන් පැවත එන අලංකාර තුරුලිය, ආලෝක පහන්, පින් කටයුතු; ජර්මානු උත්ස‍වයකින් (Teutonic Feasts) පැවත එන යූල් කොට (Yule Log) සහ විවිධ ආහාර වර්ග යි. 


                      එසේම ඉහත චාරිත්‍ර ක්‍රමයන් ‍සෑදි ඇත්තේ නොයෙකු සීත ඍතුවේ උත්සව පාදක කොටගෙන බව සිතිය හැකිය. ඒ බව පහත උත්සව පිළිබදව විමසීමෙන් පැහැදිලි වේ.

 ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි ( Dies Natalis Solis Invicti)

                           "ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි" යන නමින් උත්සවයක් දෙසැම්බර් මස 25 වැනි දින රෝමානු ජාතිකයින් විසින් පවත්වා ඇත.  මෙම නමෙහි තේරුම නම් "අපරාජිත හිරුගේ උපන්දිනය" යන්නයි. මෙහි ඇති "සොල් ඉන්වික්ටස්" යන යෙදුම නිසා සිරියානු හිරු දෙවියෙකු වන එලා ගේබල් (Elah-Gabal); ඕරලියන් අධිරාජ්‍යයාගේ (Emperor Aurelian) දෙවියන්; පර්සියානු සම්භවයකින් යුත් මිත්‍රාස් (Mithras) නම් වූ සොල්දාදුවන්ගේ දෙවියන් වැනි හිරු දෙවියන් රැසකට වන්දනා කිරීමේ හැකියාව පවතී.

                            ශීත සෘතු සූර්යකාන්තිය බිඳ වැටුණු දිනය ලෙස එකල දෙසැම්බර් 25 දිනය සලකා තිබේ. වර්ථමානයේ මෙය දෙසැම්බර් 21-22 වැනි දිනයකට යෙදී ඇත. එසේම බොහෝ ක්‍රිස්තියානි කතුවරුන් සූර්යාගේ මෙම නැවත ඉපදීම ජේසුස් වහන්සේගේ ඉපදීමට සම්බන්ධ කොට ඇත.

යූල්

                         මිථ්‍යාදෘෂ්ටික විශ්වාස වලින් යුත් ස්කැන්ඩිනේවියාව, දෙසැම්බර් මස අග සිට ජනවාරි මස මුල දක්වා යූල් නමැති ශීත සෘතු උත්සවයක් පවත්වා ඇති බව වාර්ථා වේ. මෙම උත්සවයේදී  දී යූල් කොටන් ගිනි දල්වා ඇති අතර ඒවා "තෝර්" නමැති ගිගුරුමේ දෙවියන් (God of thunder) හට ගෞරවය පිණිස සිදුකොට ඇත. එසේම ඔවුහු තවමත් නත්තල් උත්සවය "යූල්" නමින් හදුන්වනු ලබයි.

                      මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා නමින් හදුන්වනු ලැබු ජේසුස් වහන්සේ උපත ලැබුවේ "මරිය තුමිය" නැමැති කණ්‍යාවගෙන් යැයි කිතු භක්තිකයන්ගේ විශ්වාසයයි.  එසේම මෙම නත්තල් කථාව "ලූක්" සහ "මතෙව්" යන බයිබල් කතුවරුන්ගේ අනුශාසනා මත බිහිවුවක් බව සදහන් වේ. ඒ අනුව ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට දාව ඉපදුනු බව කියවේ. මෙහි ප්‍රචලිත කථාවට අනුව එතුමන් ගව ලෙනක ඉපදුන බව කියැවුනත් එය බයිබල් අනුශාසනා වලට අනුව ගව ඔරුවක දී (manger) සිදුවී ඇත.ආදි කාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගව ලෙන හා ගව ඔරුව එකම ස්ථානයක පැවතුන බව දැක්වේ. එසේම මෙය එය අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහළින් පිහිටා තිබේ. තවද දේවදූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. මෙම පිරිස ජේසුතුමන් බැහැදුටු පළමු පිරිස ලෙසද හැදින්වේ. ජේසු තුමන්ගේ උපතත් සමග අතිතයේ සිට තිබූ අනා වැකි බොහෝමයක් සුදු වූ බවද ප්‍රකාශිතය.

නත්තල් සීයා





                          මෙය වර්ථමානයේ පවා කවුරුත් හොදින් හදුනන චරිතයකි. මොහු කුඩා දරුවන්ගේ සිතෙහි සැරිසරන ආදරණිය චරිතයක් වේ. මෙම චරිතය බටහිර සංස්කෘතිය මගින් පැවත එන අතර නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රො‍ස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. මෙම නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කොට ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී "තෝමස් නාස්ට්" (1840-1902) විසිනි. 1863 පටන් මෙම රූපය සෑම වසරකම වෙනස් වූ අතර වර්ථමානයේ අපට දිස්වන රූපය 1880 දශකයේ දී නිර්මාණය කොට ඇත. එසේම මෙම රූපය 1920 දී ප්‍රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයා‍ට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින‍ගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත.ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇත. එසේම මෙම නත්තල් සීයාගේ සහායකයන් ලෙස "මිට්ටන්" හදුන්වන අතර ඔවුන් විසින් මෙම තෑගි සාදා ඇත. 

නත්තල් ගස


                                 නත්තල් උත්සවය සමගම බැදී පවතින තවත් සුවිශේෂී ‍අංගයක් ලෙස නත්තල් ගස හැදින්විය හැකිය. වර්තමාන නත්තල් ගසේ සම්ප්‍රදාය 18 වන සියවසේ දී ජර්මනි‍යේ දී ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය "මාර්ටින් ලූතර්" ආරම්භ කල බවට සමහරු තර්ක කරති. 

නත්තල් මුද්දර

                            මෙයද නත්තල් සමයේ සුවිශේෂී අංගයක් ලෙස හැදින්විය හැක. මෙම මුද්දර සාමාන්‍ය තැපෑල සදහා එම අවුරුද්ද පුරා වලංගු වන ලෙස තනා තිබේ. මෙය ඔක්තොම්බර් මස මුල සිට අලෙවි කිරීම සිදුවේ.1898 දී ඉම්පීරියල් පැන්ස තැපැල් ගාස්තුවේ (Imperial Penny Postage Rate) ආරම්භය සංකේතවත් කිරීම සඳහා කැනේඩියානු මුද්දරයක් නිකුත් කර ඇත. මෙම මුද්දරයේ ලෝක ගෝලයේ සිතියමක් පෙන්වා ඇති අතර "XMAS 1898" ලෙස අභිලේඛනයක් ද එහි පහල අඩංගු වේ. 1937 දී ඕස්ට්‍රියාව "නත්තල් සුභ පැතුම් මුද්දර" (Christmas greeting stamps) දෙකක් හඳුන්වා දී ඇත. එම මුද්දර වල රෝස මලක් සහ රාශි චක්‍රය නිරූපණය කෙරේ. 1939 දී බ්‍රසීලය විසින් අර්ධ-තැපැල් මුද්දර හතරක් නිකුත් කර තිබේ. රජ තුන් කට්ටුව සහ බෙත්ලෙහෙම් තරුව, දේවදූතයා සහ දරුවා, දකුණු කුරුසය සහ දරුවා, සහ මව හා දරුවා යන තේමාවන් මෙම මුද්දර වල අඩංගු වේ. ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවය (The U.S Postal Service) මගින් සෑම වසරකදී ම ආගමික මුද්දරයක් සහ ලෞකික මුද්දරයක් නත්තල උදෙසා නිකුත් කෙරේ.

නත්තල සමග සිදුවන අන් සිදුවීම්.
                              නත්තල සමග සිදුවන බොහෝ සිදුවීම් ඇත. ඉන් ප්‍රධාන දෙය පරිසරය සැරසීම් ආදියයි. එසේම වෙළද ආයතන මගින් සිදුකරනු ලබන නිපැයුම් බොහෝමයක් නත්තල පාදක කොට නිපදවීම මෙකල ඇති තවත් සිදුවීමකි. තවද බොහෝ භාණ්ඩයන් ඉතා අඩු මිල ගනන් යටතේ අලෙවි වීම ජනයා හට ලබා දෙන තවත් නත්තල් තෑග්ගක් ලෙස හදුන්වාදිය හැක. එසේම මෙම නත්තල් උත්සවය ලොව පුරා වැඩිම පිරිසක් සමරන උත්සවය ලෙසින්ද සදහන් කළ හැකිය. 

                          මෙම නත්තල පිළිබදව සදහන් කළ ලිපියට ප්‍රධාන වශයෙන් කරුණු සපයාගනු ලැබුවේ "විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය" වෙතිනි. ප්‍රථමයෙන් ඒ සදහා මා එහි සියළු කතුවරුන් වෙත ස්තූතිය පුද කර සිටිමි. මා ‍විසින් මෙම ලිපිය ලිවීම තුලින් අදහස් කරනු ලැබු‍වේ පාඨක ඔබේ දැනුමට මේ පිළිබදව අළුත් යමක් එකතු කිරීමේ අභිලාෂයෙනි. මෙම ලිපිය මගින් ඔබ හට කිසියම් වූ යහපතක් සිදුවෙතැයි මා අපේක්ෂා කරමි. ඔබේ අදහස් අප වෙත දන්වන්න. ඔබ සැමට ස්තූතියි!
Read more

0 ලොව අරුම පුදුම. 2







               
          ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ රසවත් කථාවක්. ඒ තමයි ලොව අරුම පුදුම කිහිපයක් ගැන. මම මීට කලින් ලිපියකින් මේ පිළිබදව විස්තර ටිකක් කිවුවා. ඒක බලන්න මෙතනින් යන්න. අද තවත් විස්තර ටිකක් තමයි කියන්න යන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ


   

                           ලොව උසම මිනිසා.


              
                ලොව උසම මිනිසාගේ නම සුල්තාන් කොසේන් ය. 2009 වසරේ අගෝස්තු 25 ගිනස් වාර්ථා පොතට එකතු වූ මොහුගේ උස අඩි 8.1 වෙයි. ලොව විශාලම අත්ල හා ලොව විශාලම පතුල හිමි පුද්ගලයා වශයෙන්ද වාර්ථාවන්නේ මොහුගේ නමයි. මොහු තුර්කි ජාතිකයෙකි.

                         ලොව උසම කාන්තාව.


             

                       යාඕ ඩි‍පෙfන්ස් නම් වූ චීන ජාතික කාන්තාව ලොව උසම කාන්තාවයි. ඇය අඩි 7 යි අගල් 8 ක් අසින් යුක්ත වන අතර බරින් කිලෝ ග්රැම් 200 කි.

                ලොව මිටිම මිනිසා.


 
            

                                 අපි ඉහතදී ලොව උසම මිනිසා ගැන දැන ගතිමි. දැන් ලොව මිටිම මිනිසා පිලිබදව දැනගමු. ඔහු නමින් කාගේන්ද්‍ර තාපා මගර් නම් වේ. හෙතෙම නේපාල ජාතිකයෙකි. ඔහු තමන්ගේ 18 වැනි ජන්ම දිනය සමරන අවස්ථාවේ ඔහුගේ අස අගල් 22 වූවා පමණි.

             ලොව දිගම කොණ්ඩය හිමි කාන්තාව.


 
             

                             මැය චීන ජාතික කාන්තාවකි. චීනයේ ගු ආන්ෂි නම් ප්‍රදේශයේ මැය ජිවත් වේ. නමින් ක්‍යුපින්ග් නම් වේ. තමන්ට වයස 13 වූ පසු මැය කොණ්ඩය වැවීමට පටන් ගෙන ඇත. ඒ 1973 වර්ෂයේදීය. 2004 වර්ෂයේදී ඇගේ කොණ්ඩය දිග අඩි 18 අගල් 6ක් පමණ විය.

           ලොව දිගම කොණ්ඩය හිමි මිනිසා.


 
            

                මේ සදහා සුදුසුකම් ලබනුයේ වියට්නාමයේ ට්‍රාන් වෑන් ය. මීට වසර 42කට පෙර මොහු අවසන් වරට කොණ්ඩය කපා ඇත. වයස 73ක් වන මොහුගේ දැන් කොණ්ඩය මීටර්  6.5 ක් දිගින් යුතු වේ.

         ලොව දිගම නි‍යපොතු හිමි කාන්තාව.



            

                        ඇය ලී රෙජ්මන්ඩ් නම් වේ. ඇගේ අතෙහි නියපොතු වල දිග අගල් 30 ක් පමණ වේ. වසර  30 ක් පමණ නි‍යපොතු වවා ගිනස් වාර්ථා පොතට ඇතුළු වු මැය ඇමරිකන් ජාතික කාන්තාවකි.


           ලොව විශාලම මල.
 
 
 
           

                    රැප්fලේසියා මල ලොව විශාලම මල වේ. මේ මල ලිලී කුලයට අයත් වේ. උස සෙන්ටිමීටර 91 ක්ද පළල සෙ.මී 46 ක්ද පමණ‍ වේ. ඉන්දුනීසියාවේ දකින්නට ලැබෙන මෙම මලෙහි පෙත්තක ගණකම අගලක් පමණ වේ.

        ලොව විශාලතම සර්පයා.


           

                       දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ උතුරු හා දකුණු ප්‍රදේශයන්හී ගංගාවල ජීවත්වන ඇනකොන්ඩා නම් සර්පයා ලොව විශාලතම සර්පයා වේ. දිගින් මීටර 6 ක් පමණ වේ. බර කිලෝග්රෑම් 107 ක් පමණ වේ. එසේම මීට වඩා විශාල ඇනකොන්ඩාවන් වර්ග දෙකක් පමණ ඇති බවටද මේ වනවිට සාක්ෂි ලැබී ඇත.

                       එහෙනම් යාළුවනේ අදට මේ තොරතුරු ඇති. මේ ගැන තවත් දවසක ලියන්නම්. මේ ගැන ඔයාලාට හිතෙන දේ නොවරදවාම ලියලා යන්න. එහෙනම් ඔක්කෝටම ජයෙන් ජය!
Read more

0 අපේ බ්ලොග් එකෙ දැන්වීම් මගින් මුදල් සොයමු.



                       ගොඩක් දවසකින් මොකුත් ඔයාලට ගෙනෙන්නත් බැරි උනානෙ. මට පොඩි පොඩි වැඩ තිබ්බා. මොනවා කරන්නද ඉතින් ඒවත් කරන්න එපායැ. :D  ඔන්න කොල්ලනේ අද මම මරු දෙයක් තමයි ඔයාලට කියන්න යන්නේ. මේකත් දන්න යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔන්න මම නම් ඉතින් මේක කියන්නේ නොදන්න අයටයි. මම දන්න විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්න යන්නේ. මීට වඩා මොනවා හරි දෙයක් දන්න අය ඉන්නවනම් මටත් කියලා දෙන්න යාළුවනේ. යටින් ලියන්නත් තැනක් තියනවනේ. වැරදිත් ගොඩක් තියෙන්න පුළුවන් ඉතින් ඒවා හදාගෙන වැඩේ කරගන්න.

                            එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු. අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට ඉතින් දැන් බ්ලොග් එකක් එහෙම තියනවනේ. ඉතින් ඒවට ලිපිත් ලියනවා ඇතිනේ. කවුරුත් ආස ඇතිනේ මේ ලිපි ලිය ලිය ඉන්නවාට අමතරව ඒ බ්ලොග් එකෙන් මොකක් හරි ආදායමකුත් ලබා ගන්න. ඔන්න ඉතින් ඒකට නියම විසදුමක්. මම දැන් කියන්න යන්නේ එහෙම දෙයක් ගැනයි. ඔයාලටත් කැමතිනම් මේක අත්හදා බලන්න.


                           ඔයාලා ගොඩක් අය දන්නවානේ අපේ බ්ලොග් එක තුළ දැන්වීම් පල කිරීම මගින් මුදල් සෙවිය හැකි බව. මම කියලා දෙන්න යන්නෙත් මේ ගැනයි. අපි මෙම කටයුත්තට පෙර අපගේ බ්ලොග් අඩවියේ අලංකාරය මෙන්ම එහි අන්තර්ගත කරුණු පිළිබදවත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද කියනවානම් අපේ බ්ලොග් අඩවිය වෙත වැඩි වැඩියෙන් පිරිස් ගෙන්වාගැනීමටනම් එයට සුදුසු අන්තර්  ගතයකින් අපගේ අඩවිය යුක්ත විය යුතුයි. ඒක ඉතින් ඔයාලගේ දස්කම මත සිදුවිය යුත්තක්. අපි බලමුකෝ කොහොමද මේකට වෙළද දැන්විමක් දාගන්නේ කියලා.


                            කොල්ලනේ ඔයාලා අහලා තියනවා නේද Google adsense ගැන. ඒකෙන් කරන්නේ අපේ වෙබ් පිටුවලට දැන්වීම් සැපයීමයි. එම දැන්වීම් අපේ වෙබ් පිටුව හරහා යමෙක් එම දැන්වීම් නැරඹුවහොත් ඔවුන් විසින් අපට කිසියම් මුදලක් දෙනු ලබයි. මේ සිදුවීම වෙන හැටි පිළිබදව නම් අපේ යාළුවෝ ගොඩක් දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නෙත් නැහැ ඔන්න. ඉතින් යාළුවනේ සිංහල බ්ලොග් කරන අපි වගේ අයට මේ Google adsense කියන්නේ ඉතින් සිහිනයක් තමයි. මොකද අපි වගේ සිංහල අඩවි වලට ඒ අය දැන්වීම් සැපයීම සිදුකරන්නේ නෑ. ඒ වගේම තමයි මෙයාලගේ තියන නීති රිති. ඒවා ඔක්කොම හරියට හදා ගන්නත් අපිට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඒක හින්දා මෙයාල ගැන තියන අදහසනම් ඉතින් අපි කවුරුත් හිතින් අත්හැරලනේ ඉන්නෙ. :D කමක් නෑ යාළුවනේ ඒකට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ. 

                                ඔයාලා දන්නවා ඇතිනේ Google adsense වගේ දැන්වීම් සපයන ආයතන තවත් බොහෝමයක් තියන බවත්. නමුත් අපි එහෙම එකක්  තෝරා ගනිද්දී විමසිලිමත් විය යුතුයි නේද? මොකද තියන හැම ආයතනයක්ම සත්‍ය ඒවා නොවන බැවිනි. බොහෝ ආයතන අපිව රැවටීම පමණක් සිදුකරන නිසාවෙනි. මම අද කියන්න යන්නේ අපිට විශ්වාසයක් ඇති ආයතන කිහිපයක් ගැනයි. බලන්නකෝ මමත් මේ ආයතන වල දැන්වීම් මගේ බ්ලොගියේ දාලයි තියෙන්නේ. ඔයාලට දැනුත් පේනවා ඇති ඒක. එහෙනම් මෙන්න ඒ වෙළද දැන්වීම් සපයන ආයතන.




                                Geegain 

                               මේක ලංකාවේ ආයතනයක්. මේක මගින් උපයන මුදල් අපට Alertpay හරහා ද ගෙන්වා ගත හැකිය. එසේම මෙහි මුදල් ගෙවීම සිදු වනුයේ $50 සිට වෙයි. අපගේ දක්ෂතාවය මත මෙහි මුදල් ඉපයිම වේගවත් කර ගත හැකි වේ. Referrals ලින්ක් එක හරහා මෙය අන් අයට හදුන්වා දී ද අපට මුදල් උපයා ගත හැකි තවත් ක්‍රමයකි.


Clicksor

                                        මේක මගින් උපයන මුදල් අපට චෙක් පත් මගින් ගෙන්වා  ගත හැකිවේ. එසේම බොහෝ වෙබ් සයිට් ප්‍රමාණයකට දැන්වීම් ලබා ගත හැකි වේ. $50 සිට මෙහි මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
 

Smowtion

                                   මෙමගින් මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ $ 1 සිටය. එසේම මෙහි මුදල් ගැනීම ATM මාර්ගයෙන් ද ගත හැකි වෙයි. අප ඉල්ලුම් කරන අඩවියේ පමණක් මෙහි දැන්විම් දැමිය හැකිවේ. 


BidVertiser


                                                      මේකත් පෙරසේම $50 ක සිට මුදල් ගෙවීම සිදු කරන ආයතනයක්. මෙයද හොද දැන්විම් සපයන ආයතනයක් ලෙසින් දැක්විය හැකිය.

මෙන්න තියනවා යන්න ඕනි තැන් ටික. ඔයාලා කැමති එකකට ගිහින් වැඩේ කරගන්න. අවුලක් තියනවනම් කියන්න.






Geegain Advertising Program


Monetize your site!


                                       



                             ඔන්න යාළුවනේ එකක් කියන්න ඕනි. මේ මොන විදිහේ දැන්වීම් අපි බ්ලොග් එකේ දාගත්තත් අපෙ අඩවියට පැමිණෙන අය එය නැරඹ්ම සිදු කල විට පමණයි අපට මුදල් ලැබෙන්නේ. එසේම මම මුලින් කිවුව ලෙසින් ගොඩක් ප්‍රේක්ෂකයන් අපේ වෙබ් අඩවිය වෙත ගෙන්වා ගැනීම මත තමයි මෙය සිදුවන්නේ. එහෙනම් කොල්ලනේ කැමතිනම් කරලා බලන්න. ඔන්න එහෙනම් මම ගියා. ඔය තියන like බටන් එකටත් පොඩි තට්ටුවක් දාලා යටිනුත් මොකුත් කොටලා යන්න. අතින් පයින් යනවායැ. :D මට ඒක ගොඩක් වැදගත් ඉදිරි කටයුතු සදහා. එහෙනම් ඔක්කෝටම ජය වේවා. මම ගියා. වෙන දවසක ආපහු ලිපියකින්  හමුවෙමු.
Read more

5 අපේ බ්ලොග් එකට මුහුණු පොතේ comment box එක දා ගමු

 


                             ඔන්න ඉතින් යාළුවනේ අද මම ඔයාලට හා පුරා කියලා දෙන්න යන්නේ පොඩි ගැජට් කැල්ලක්. මේක දන්න යාළුවොත් ගොඩක් ඇති කියලා මම හිතනවා. නමුත් නොදන්න අයටයි මේ දේ. විශේෂයෙන්ම පොඩි මල්ලියා කෙනෙකුත් මගෙන් අහල තිබ්බා කොහොමද මේක ගැන. මොකක්ද යාළුවනේ මේ ගැජට් එක. ඔයාළා දැනටමත් උඩ රූපයෙන් මේ මොකක්ද කියලා දැනගෙනත් ඇති. මේක අපි නිතරම මුහුණු පොතේදි දකින දෙයක්. අපිට මොකකට හරි කොමෙන්ටුවක් එහෙම කොටන්න තියනවනම් අපි ඒ වෙනුවෙන් මේ ගැජට් එක භාවිත කරනවා.


                                හරි ඉතින් අපි බලමුකො මේකට අපි මොකද අපි කරන්න යන්නේ කියලා. අපි බලමු මේක අපේ බ්ලොගියට කොහොමද දාගන්නේ කියලා. මේ ගැන අපේ මුහුණු පොතේ මාමලත් දිල තියනවා. මේක ඉතින් සිම්පල් ප්ලෑන් එකක්.:D . හරි එහෙනම්  අපි බලමුකෝ මේක කොහොමද අපි කරගන්නේ කියලා. මම මේ පහතින් දීලා තියන පිළිවෙලට කරානම් වැඩේ ගොඩ .


                                    මුලින්ම ඔයාලා ඔයාලගේ බ්ලොග් එකේ  Dashboard > Design >Edit HTML > යන්න. ඊට පස්සේ Expand Widget Templates කියන තැනට හරියක් දාන්න අමතක නොකරම. හරිද යාළුවනේ. එහෙනම් දැන් Ctrl+F ඔබන්න. හරිනේ. එහෙනම් යටින් එන්න ඇතිනේ Find කියලා එකක්. එතන <body> කියලා ටයිප් කරන්න. පස්සේ <body>  කියලා එකක් පෙනෙයි. එතන යටින් පහත තියන කෝඩ් එක දාගන්න (copy කරලා past) කරන්න.







පසුව අපි Save Template කියන බටන් එක ඔබලා ඒ වැඩේ ඉවර කරනවා

           දැන් ඔයාලා යන්න ඕනි Page Elements > Add a Gadgrt > HTML/JavaScript >
ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක (copy කරලා past) කරන්න.

 



දැන් ඒකත්save පාරක් දාන්න. වැඩේ ඉවරයි.


සැලකිය යුතුයි: 
                       පහත කොඩ් එකේ  http://www.apiwenuwen.blogspot.com යනුවෙන් තිබෙන ස්ථානයට  
                      ඔබගේ url එක දැමිය යුතුය.


යාළුවනේ යනින් ගමන් මතක ඇතුව දකුණු පැත්තේ like බටන් එකට තට්ටුවකුත් දාලා, මොකක් හරි අදහසකුත් යටින් ‍කොටලා යන්න. එය මාගේ ඉදිරි ගමනට මහත් සෙයින් ඉවහල් වන බව සිකුරුයි.:D
වැරදි ඇති හදලා ගන්න යාළුවනේ.
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen