බ්ලොග් එකට අළුත් මුහුණුවරක් ලබාදෙමු

     සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා? ඉතින් ඒ ලිපිය බලන්න ඕනිනම් මෙතනින් පිවිසෙන්න. අද මම කියලා දෙන්න යන්නේ ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියලා.
blog templates ‍මම හිතන්නේ මේ ගැන ඔයාලා හොදින්ම දන්නවා. අපිට බ්ලොග් එකක් ලස්සනට හදාගන්න මේ blog templates බාවිත කරන්න පුළුවන්. මෙවැනි බ්ලොග් අච්චු නොයෙක් අඩවි වලින් අපිට නොමිලේම ලබා දෙනවා.ඉතින් අපිට පුළුවන් මේ බ්ලොග් අච්චුවක් ඒ අඩවියක් මාර්ගයෙන් ලබාගෙන ඒක නැවත සංවර්ධනය කරලා පාවිච්චි කරන්න. ඉතින් තමන්ටම කියලා හොද අඩවියක් සකසා ගන්න මූලික දැනුම තමන් සතුව නැති පුද්ගලයෙකුට වුවත් ඉතා අලංකාර ලෙස අඩවිය සකසා ගැනීමට මේ බ්ලොග් අච්චු භාවිත කරන්න පුළුවන්.
      මම කියලා දෙන්නම් මුලින්ම මේ බ්ලොග් අච්චු කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියලා.. ඔයාලා මුලින්ම තමන්ට අවශ්‍ය බ්ලොග් අච්චුව එම අඩවිය මගින් download කරගන්න..බොහෝවිට එය තමන්ගේ පරිඝණකයේ තැන්පත් වී ඇත්තේ RAR ගොනුවක් ලෙස විමට පුළුවනි... එය අවශ්‍ය මෘදුකාංගයක් මගින් extract කර ගනිමින් විවෘත කරගන්න..

     දැන් ඔයාලා ඔයාලගේ බ්ලොග් එකට ඇතුළු වෙලා Layout >Template වෙත යන්න. එහි දකුණු පස උඩින් පහත රූපයේ ඇති පරිදි Backup/Restore යන බටන් එක ඔබා ඇතුළු වන්න
 
         එහි Upload a template from a file on your hard drive. යන තැන්හී තිබෙන Browse එක හරහා ගොස් මුලින් අප බාගත කල file එක upload කරන්න. දැන් එය අවසානයේ ඔබගේ අඩවියට එම බ්ලොග් අච්චුව ඇතුළු වී ඇති අයුරු දැක ගැනීමට පුළුවනි..එය බැලීම සදහා ඔබගේ බ්ලොග් අඩවියට පිවිස එහි තතු පරික්ෂා කර බලන්න.

      දැන් එම බ්ලොග් අච්චුව ඔබේ අඩවියට ඇතුළු වී ඇති නමුත් එහි කිසියම් අපිලිවෙලක් දක්නට පුළුවනි..එය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීම සදහා Layout වෙත පිවිසෙන්න. මෙහි ඉතිරි සංස්කරණ කටයුතු ඔබ සතුව පවතී. ඉතින් ඒ සදහා තමන්ගේ කලාත්මක සිතුවිලි එකතුකරමින් වඩාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන පරිදි සකසා ගන්න..තමන්ගේ අඩවිය තුළ තමන්ගේ අනන්‍යතාවය තබා ගැනීමට හැකිතාක් උත්සහ ගන්න.
  
       මෙසේ සකස් කරගන්නා ලද අඩවියක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි නොයෙක් අයුරින් සිත් ඇදගැනීමට ලක්වන පාඨකයන් නිරන්තර ඇදී එන විදිහට සකසා ගැනීම තමන්ගේ හැකියාව මත පදනම් වේ. ඒ පිළිබදව නොයෙකුත් තොරතුරු ඉදිරි ලිපියක් මගින් ඔබවෙත ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙමි. අප අඩවිය සමග නිරන්තරයෙන් රැදීසිටින මෙන් ‍ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මෙම අඩවියෙහි නව ලිපි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලබා ගැනීම සදහා ඉහත කෙලවරෙහි දක්නට ඇති විද්‍යුත් තැපැල් මගින් ලගාවීම සදහා යන ස්ථානයෙහි ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුළත් කරන්න.

     එසේම අපගේ අඩවිය පිළිබද සබැදියක් ඔබේ අඩවිය තුළ එක්කිරීමට කැමති වන්නේනම් පහත දී ඇති කෝඩ් එක ඔබගේ අඩවිය තුළ ඇතුළත් කර සහය වන්න. මෙම ලිපිය හා අපගේ බ්ලොග් අඩවිය සම්බන්ද කිසියම් අදහසක් ඔබේ සිත තුළ ජනිත වන්නේනම් එය අප වෙත ඉදිරිපත් කොට යෑමට අමතක කරන්න එපා. ඔබගේ එවැනි අදහස් අපගේ මෙම ගමනට බොහෝ සෙයින් පිටුවහලක් වනු නියතයි. 

     මෙම බ්ලොග් අඩවිය තුළින් ලබා දෙන සියළු තොරතුරු සිංහල අපගේ ව්‍යවහාරික භාෂා ක්‍රමයටම කියා දෙන බැවින් මෙහි ඇති ඕනැම ගැටළුවක් ඉතා සුළු දැනුමක් ඇති පිරිස වෙතද අවබෝධවනු නිසැකයි. අපගේ පරමාර්ථයද එයයි. එබැවින් මෙහි භාෂා විලාසය ඉතාමත් ග්‍රාම්‍ය තත්වයක පැවතීම ඔබ වෙනුවෙන්ම කරන ලද දෙයකි. ඇතැම් වචන ඒ ඒ දේ පිළිබදව නොගැලපේනම් ඒ පිළිබදව යම් ගැටළුවක් වෙතොත් අපට දන්වන්න. මෙතෙක් වෙලා රැදී සිටි ඔබ සැමට ස්තූතියි!

<div style='position: fixed; top: 25%; right: 0%;'/>
<a href="http://www.apiwenuwen.blogspot.com" target="_blank"><img alt="අපි වෙනුවෙන්" src="https://lh3.googleusercontent.com/-eGe6OgKAb-s/TxmaYHiFPtI/AAAAAAAAAsw/KbcQSO2Et1M/s128/lion.%252520blog%252520logo%252520png.png"/></a>
</div>
 

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen