happy valentine day

      එහෙනම් යාළුවනේ සුභම සුභ දවසක් ඔයාලට..ඒ වගේම පෙන්වතුන් වූ ඔයාලට සුභම සුභ අනාගතයක්... ජයෙන්ම ජය!. අද දවස පෙබරවාරි 14 මතකනේ..(කොහොම අමතක කරන්නද නේ...) අද පෙම්වතුන්ගේ දිනය යි..එහෙනම් ඕන්න ආයෙත් පෙම්වත් ඔයාලට මගෙන් සුභපැතුම්...
      ලෝකයේ සියළුම පෙම්වතුන්ට අද දිනය ඉතාම වැදගත් දිනයකි.එනම් අදයි ඔවුන්ගේ දිනය..මේ දිනය වැලන්ටයින් නමින් නම් කිරීමට ප්‍රධාන හේතුව වූයේ එනමින් සිටි ක්‍රිස්තියානි පූජක තුමෙක් පාදක කොටගෙනය..මේ පිළිබද ඉතිහාස කථාව අද බොහෝ පිරිස් දැනුවත්ව ඇතැයි විශ්වාස කරමි. නමුත් මම පසු දිනක මේ පිළිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද සලකන්න.
       අද මම මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුව මාගේ බ්ලොග් අඩවියට සම්බන්ධවන සියළු පෙම්වතුන්ට සුභ පැතීම සදහායි..ඉතින් කොල්ලනේ කෙල්ලනේ ඔන්න ඉතින් ඔයාලට ජයෙන්ම ජය.ඔයාලගේ ආදර කථාව තව තවත් ඉදිරියට සාර්ථකව ගමන් කිරිමට හැකිවේවායි මා පතනවා....
       අපි මේ වගේ දිනයක කෙටියෙන් වර්තමානයේ පෙම්වතුන් පිළිබදව(විශේෂයෙන් ලංකාවේ) විමසිමක් කරමු..ඇයි අපි අද වගේ දවසකට විතරක් මේ කටයුත්ත සැමරීමට ලක් කරන්නේ..ආදරය නැමැති සුන්දර අත්දැකීම තම ජීවිතයට මුසු කර ගනිමින් තමන්ගේ මුළු ජීවිතයම සුන්දර කර ගන්න බලන්න. එවැනි උතුම් පෙම්වතුන් අදටත් මේ ලෝකයේ ජීවත්වෙනවා.සත්‍යයි.. නමුත් පැවසීමට ඇති දුකට ‍කරුණ නම් මේ උතුම් ආදරය නම් වචනය භාවිත කරමින් අද සමාජය බොහෝ ජීවිත බිලි ගැනීමයි..
  • මුලින් ඔබ ඔබට ආදරය කරන්න
  • තමන් ආදරණීය පුද්ගලයෙකු වන්න
  • ඔබගේ පෙම්වතාට/පෙම්වතියට රැවටීම් නොකරන්න
  • සැකය ආදරය පලුදු වීමට මූලික‍ හේතුවයි
  • කෙදිනකවත් ආදරය විහිලුවක් කරනොගන්න
  • මිතුරන් අතරදී තම පෙම්වතා/පෙම්වතිය විහිලුවට ලක් නොකරන්න
  • පෙම්වතා/පෙම්වතියගේ සතුට ගැන නිරන්තර විමසිලිමත් වන්න
  • බොරු බලාපොරොත්තු නොදෙන්න.සත්‍ය පවසන්න.
  • පෙම්වතා/පෙම්වතියට කිසි විටෙකත් බලපෑම් නොකරන්න.
අද සමාජය මේ ආදරය කියන දෙයෙහි අර්ථය මනාව තේරුම් නොගෙන කාමුකත්වය මූලික කරගනිමින් ඒ වෙනුවෙන් සියළු දේ ගොඩනගමින් අවසානයේ තම ජීවිතය අදුරු අගාදයකට ඇද දමමින් විචාර බුද්‍ධියෙන් තොරව කටයුතු කරයි. වර්තමානයේ ප්‍රේම සබදතා නිසා තරුණ ජීවිත කියක් නම් අකාලයේ විනාශයට පත් වන්නේද? එසේම තමන්ගේ ආශාවන් සපුරා ගැනීම වෙනුවෙන් පමණක් සිතා තරුණ ජීවිත කියක් නම් දුකට ඇද දමන්නේද?
     විශේෂයෙන් මේ දේ ගැහැණු ලමයි අවධානයට ගත යුතු දෙයකි..ඔබ පාසලේ, අමතර පංතියක, බස් නැවතුම්පලේ, අසල්වැසි, මේ කී නොකී ඕනෑම කෙනෙකුන් සමග ප්‍රේම සබදතා පවත්වනවා විය හැකියි. සැබවින්ම ප්‍රේමය උතුම් දෙයක්. නමුත් ඔබ තමන්ගේ මේ ප්‍රේමය වෙනුවෙන් තින්දු තීරන ගැනීමේදී දෙවරක් නොව දහස් වරක් සිතිය යුතුයි. ඔබ මෙය මදක් සිතන්න. අද පාසල් යන තරුණ වයසේ ළමයි ‍කී‍ දෙනෙක් නම් ඔය අනංගයාට හසු වී ඇත්ද? සැබවින්ම එය සියල්ල යන පිළිතුර අසලටම ඇති දෙයකි..සත්‍යකි.. නමුත් ඔබ කල්පනා කරන්න මෙම ප්‍රේම සබදතා තුළින් සිදුවී ඇති විවාහ සංඛ්‍යාව කොපමණද කියා.. සැබවින්ම එය අල්පය.. එසේම සිතා බලන්න එක පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළදී ආදර සබදතා කීයක් නම් තිබී ඇතිද කියා. බොහො දෙනෙක් වයස20 වන විටත් 5/6 කට වඩා ගොඩ දාලා..ඉතින් හිතන්න බලන්න මෙතරම් ආදර සබදතා බිදීමට හේතු..එසේම මෙම සබදතා පිළිබදව තම පවුලේ අය දක්වන ප්‍රතිචාර..බොහෝ සබදතා ගෙදරට හොර රහසේ තමයි කරගෙන යන්නේ..(ඉතින් ගෙදරදී හොර පූසා)
         මේ දේවල් කිරීමේදී ඒ ඒ කාලවල තම ප්‍රේමවන්ත ජීවිතය ගත කළේ කෙසේද? උපරිම විනෝදාස්වාදය ලැබුවාද? එයින් තම ජීවිතයට එක් වූ අමිහිරි මතක සටහන් කොපමණද? මා සහෝදරියනි! ඔබලාටයි මේ අවවාදය..ඔබලා බොහෝ විමසිලිමත් විය යුතුය.තම පෙම්වතා කුමන පුද්ගලයෙක්ද යන්න ඔබ මනාව අවබෝධයනේද ඉන්නේ..(ඇහුවොත් ඔවු කියයි..මොකද තම දෙමවුපියන්ටත් වඩා ඒ අයනේ ෂුවර් නේ) තම පෙම්වතා සැක කිරීමට කිසිදු මොහොතක මෙයින් උපදෙසක් නොදේ.. නමුත් තම සුදුසු කාල සීමාවන් තුළදී සුදුසු වින්දනයන් ලබන්න.. සීමාව ඉක්මවා ලබන වින්දනය අනතුරු දායකයි. ඔබේ ප්‍රේමවන්තයා දැඩි කාමාතුරයෙක් විය හැකි.. එසේම ඔහු සතුටු කරන්න ඔබ ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්නත් සුදානම් විය හැකියි. නමුත් ඔබට ඒ සෑම විටකම මතක තියා ගතයුතු තවත් එක් කරුණක් නම් මේ 21 වැනි සියවසයි. තාක්ෂණයේ දියුණුතම අවදියක්. ඉතින් තමන්ගේ චරිතයට හානිවන ඕනෑම දෙයක් මේ තුළින් සිදුවිය හැකියි. පළමුව තමන් ආරක්ෂා වන්න. නැතිනම් ගියපු කාලය නැවත ‍කුමන අයුරකින්වත් ආපසු ඇදීමට නොහැකිවනු ඇත.
          අපේ කොල්ලනි! තම සහෝදරිය සිහියට ගන්න.තම මෑනියන් සිහියට ගන්න. උතුම් කාන්තා චරිතය විනාශ වන කිසිදු දෙයක් කිරීමෙන් වලකින්න. ඔබගේ සිත පාළනය කර ගත හැක්කේ ඔබටමයි. ඔබ ඇයව නිරතුරු ආරක්ෂා කරන්න.

තම සහෝදරිය පමණක් නොව මව පවා දූෂණය වන මේ රට තුළ මෙබදු අවවාද දීම කිසිවිටකත් ප්‍රථිඵල රහිතයි. මේ දක්වා හෝ මේ ලිපිය කියවන ලද පිරිසක් වෙනවානම් එය ඊටත් වඩා වැදගත් වේවි..මොකද මේ තිත්ත ඇත්ත පිළිගන්න කවුරුත් කැමති නැති නිසා. අද සමාජයේ පිරිමින් විසින් කාන්තාවන් පමණක් නොව කාන්තාවන් විසින් පිරිමින්ද දූෂණයට ලක් වේ. මේ රට මෙවැනි දුර්ගුණයන්ගෙන් මුදවාලිය හැක්කේ තරුණ අපටමයි.. මේ උතුම් වැලන්ටයින් දිනයේ දි අප ඒ බව සිහියට ගෙන හොද ආදරවන්තයින් වෙමු.

          ඇත්තටම මට මෙයින් කියන්න උවමනා වුනේ ආදරය ගැන නොව ආදරය මාතෘකා කො‍ටගෙන ඒ හරහා වන අපරාධයන් දුරලන්න යනුයි.. මෙය වචන මාත්‍රයකට සිමා වුවත් මට කම් නැත.. මොකද මේ කියවන ඔබ පමණක් නොව මා වුවත් මෙයින් බාහිර ලෝකයකට ආශා කරන පුද්ගලයින් වේ.. නව දියුණුවත් සමග අප ලද දායාදය එයයි.. අපගේ සංස්කෘතිය බොහෝ සෙයින් විනාශව ගොස් ඇත.. නමුත් නිතර නරක පැත්තට හැරෙන සිත කෙසේ හෝ යහපතට හරවා ගැනීමට අප වෑයම් කරමු. එයින් සිදුවන එක් හෝ අයහපත් ක්‍රියාවක් වැලකේවි.

මෙය කියෙවුවානම් ස්තූතියි! ඔය කිවුවට මොකද ඉතින් මමත් ඔය බණට අනුව කටයුතු කරන එකක් යැ. මොකද මමත් බෝධි සත්වයෙක් නෙමේනේ.. ඉතින් මට මේ රෑ නින්ද ගියෙත් නෑ...හිතුන දේ ලිවුවා... නමුත් ක්‍රියා කරන එක ‍අමාරුයි තමයි... බලමුකෝ..මමත් උත්සහ කරන්න බලන්නම්... ඔයාලත් අදහසක් කියන්නකෝ බලන්න මේකට..

     අනේ අවුරුදු 21 වන මේ තනිකඩයාට(උපතේ සිටම) මේ අවුරුද්දේවත් කෑල්ලක් සෙට්වේවා! හික්.........හික්........හික්..........

comment 2 ගුණ දොස් ලියන්න:

The තරුවා on February 15, 2012 at 12:25 PM said...

හිකිස්...මාත් එහෙම ප්‍රාර්ථනා කරන්නම්කෝ......

Unknown said...

අනේ ස්තූතියි ඒ පැතුමට....

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen