Showing posts with label බ්ලොග් හදමු. Show all posts
Showing posts with label බ්ලොග් හදමු. Show all posts

1 අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න


 ‍     සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක්  එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා  දාගන්න එකයි තියෙන්නේ...
Read more

0 Artisteer 3.1.0.46558+Keygen Web Design

      මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි ‍බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
Read more

0 බ්ලොග් එකට අළුත් මුහුණුවරක් ලබාදෙමු

     සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා? ඉතින් ඒ ලිපිය බලන්න ඕනිනම් මෙතනින් පිවිසෙන්න. අද මම කියලා දෙන්න යන්නේ ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියලා.
Read more

2 බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු

    ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ඔයාලට ගොඩක් දේවල් අරගෙනයි ආවේ. ඔයාලගේ තියන බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක දැන් දැකල දැකල එපා වෙලාද? අළුත් විදිහේ දෙයකින් අපි එය සරසවමුද?ඉතින් මම ඔයාලට කැමති විදිහට තෝරාගන්න නොයෙක් වර්ගයේ මවුස් පොයින්ට් එකට ගැලපෙන දේවල් බොහෝමයක් අරගෙනයි ආවේ.
Read more

2 ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න...2

            ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
Read more

3 බ්ලොග් එකට ‍ඔරලෝසුවක් නැද්ද? මෙන්න එහෙනම්

      යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා‍ දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙ‍න්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාල‍ට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා.....
Read more

2 Love Calculator ගැජට් එක දැන් ඔබේ බ්ලොග් එකටත්

         යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා  වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි ‍වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි..
Read more

0 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු - 2

        ඔන්න යාළුවනේ මම තවත් ගැජට් එකක් ගෙනාවා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන කෙනාට එයාගේ IP එක පෙනෙන්නට සැලැස්වීම. ඉහත රූපයේ තියෙන්නේ ඒ ගැජට් එක තමා. මම මේවැනි ගැජට් කිහිපයක් මීට කලිනුත් ඔයාලාට ගෙනත් දුන්නා. ඒ ලිපිය බලන්න නම් මෙතනින් යන්න. හරි එහෙනම් මෙක දා‍ගෙනම බලන්නකො
Read more

1 Net Speed Checker

        ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න.

Read more

0 Currency Convertor ගැජට් එක දැන් අපේ බ්ලොග් එකටත්

         ඔන්න ඉතින් තවත් පට්ට ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය මුදල් වල අගය නිවැරදිව දැනගැනීමට පුළුවන් වීමයි. දැන් ඉතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන අපේ යාළුවොත් ගොඩක් වැඩිනේ. ඉතින් ඒ අයට පුළුවන් ඔන්න ඩොලර් වලින් ලැබෙන ලාභය රුපියල් වලින් කොච්චරක් වෙනවද කියලත් බලාගන්න:D හික්. හරි ඔන්න ඉතින් ඕන අය දාගන්නකෝ මම කියලා තියන විදිහට
Read more

1 "ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න". ගැජට් එක බ්ලොග් එකට දාගමු

         ඔන්න යාළුවනේ ආපහු මම බ්ලොග් එකට පොඩි ගැජට් කෑල්ලක් අරගෙන ආවා. මොකක්ද කියලා දන්වානේ. උඩ රූපෙන් හිතාගන්න පුළුවන් වෙයි ඔයාලට මේ තමයි Cricket Score Gadget එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක දාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන විදිහට කරන එක විතරයි

Read more

2 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු

                 ඔන්න කොල්ලනේ තවත මැක්සා ගැජට් එකක්. මම හිතෙනවා මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට පැමිණෙන අයට ඒ අයගේ IP ලිපිනය පෙනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේක කරන්න ලේසියි මෙන්න ක්‍රමය. ඔයාලත් මේ විදිහට කරලා බලන්න.

Read more

0 Google Plus Widget එක අපේ බ්ලොග් එකට දාමු

 
             ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමු‍තුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදිහට
Read more

0 බ්ලොග් එකට දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාමු

            ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.

Read more

6 අපේ බ්ලොග් එකේ උඩ තියන බැනර් එක ඉවත් කරමු

               මුලින්ම ඔයාලට 2012 වසර සුභ වසරක් වේවා කියලා පතනවා! මේ නව වසරේ ලියන මුල්ම ලිපියනේ. ඉතින් අළුත් අවුරුද්දට හොද තෑග්ගක් දෙන්න මම හිතුවා ඔයාලට.මම දැන් මේ  දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද කිවුවෝත් ගොඩක් අපේ බ්ලොග් කරන යාළුවන්ට ගැටළුවක් වෙලා තියනවා තමන්ගේ බ්ලොග් අච්චුවට උඩින් තියන බ්ලොග් එකේ බැනර් එක. මමත් දැකලා තියනවා ගොඩක් ‍අය මේක අයින් කරගන්න බැරිව දුකින් හරි දාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා ඒක ඉවත් කරන හැටි ‍ඔයාලට කියලා දෙන්න.
Read more

2 බ්ලොග් එකක් හදන්නේ කොහොමද?

 
                        ඔන්න ඉතින් දැන් කාලේ නිතර බ්ලොග් ගැන කියනවානේ ගොඩක් කෂ්ටිය. බ්ලොග් එකක් ලස්සනට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒකට නොයෙකුත් ගැජට් එකතු කරන්නේ කොහොමද කියලා. නමුත් මම දැක්කා අපි මේ බ්ලොග් ගැන කොච්චර කියෙවුවත් ඒ බ්ලොග් එකක් මුලින්ම හදාගන්න හැටි දන්නේ නැති අපේ ‍කොල්ලෝ ගොඩක් ඉන්න බව. මුහුණු පොතේ විවිධ පෝස්ට් මගින් මේ ගැන අහලත් තිබ්බා. ඉතින් මට හිතුනා දන්න සිංහල භාවිතා කරලා එයාලට පොඩි සපොට් එකක් දෙන්න. ඒකයි මේ ලහි ලහියේ මේක ලියන්න හිතුනේ. දැන් ‍එහෙනම් බලමු අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා.
Read more

0 ඊමේල් මගින් බ්ලොග් එකට ලිපි දාමු

             ඔන්න ඉතින් කොල්ලනේ මම අද කියන්න යන්නේ තවත් මරු වැඩක් ගැනයි. ඒ තමයි අපි අපේ බ්ලොග් එකේ පලවෙන ලිපි කෙලින්ම ඊමේල් මගින් යවා එය බ්ලොග් එකේ පල කරන්නේ කොහොමද කියලා. මේක සිම්පල් කේස් එකක්. මේක අපේ බ්ලොග් එක මගින්ම අපිට දීල තියන පහසුකමක්. ඉතින් අපේ අයියලා ගොඩක් මේක දන්නවත් ඇති. හරි කමක් නෑ නොදන්න අයටවත් දැනගන්න ලියන්නම්කෝ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ.

Read more

0 අපේ බ්ලොග් එකෙන් චැට් කරමු

 
              කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන ‍අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි.
Read more

0 අපේ බ්ලොග් එකෙ දැන්වීම් මගින් මුදල් සොයමු.



                       ගොඩක් දවසකින් මොකුත් ඔයාලට ගෙනෙන්නත් බැරි උනානෙ. මට පොඩි පොඩි වැඩ තිබ්බා. මොනවා කරන්නද ඉතින් ඒවත් කරන්න එපායැ. :D  ඔන්න කොල්ලනේ අද මම මරු දෙයක් තමයි ඔයාලට කියන්න යන්නේ. මේකත් දන්න යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔන්න මම නම් ඉතින් මේක කියන්නේ නොදන්න අයටයි. මම දන්න විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්න යන්නේ. මීට වඩා මොනවා හරි දෙයක් දන්න අය ඉන්නවනම් මටත් කියලා දෙන්න යාළුවනේ. යටින් ලියන්නත් තැනක් තියනවනේ. වැරදිත් ගොඩක් තියෙන්න පුළුවන් ඉතින් ඒවා හදාගෙන වැඩේ කරගන්න.

                            එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු. අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට ඉතින් දැන් බ්ලොග් එකක් එහෙම තියනවනේ. ඉතින් ඒවට ලිපිත් ලියනවා ඇතිනේ. කවුරුත් ආස ඇතිනේ මේ ලිපි ලිය ලිය ඉන්නවාට අමතරව ඒ බ්ලොග් එකෙන් මොකක් හරි ආදායමකුත් ලබා ගන්න. ඔන්න ඉතින් ඒකට නියම විසදුමක්. මම දැන් කියන්න යන්නේ එහෙම දෙයක් ගැනයි. ඔයාලටත් කැමතිනම් මේක අත්හදා බලන්න.


                           ඔයාලා ගොඩක් අය දන්නවානේ අපේ බ්ලොග් එක තුළ දැන්වීම් පල කිරීම මගින් මුදල් සෙවිය හැකි බව. මම කියලා දෙන්න යන්නෙත් මේ ගැනයි. අපි මෙම කටයුත්තට පෙර අපගේ බ්ලොග් අඩවියේ අලංකාරය මෙන්ම එහි අන්තර්ගත කරුණු පිළිබදවත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද කියනවානම් අපේ බ්ලොග් අඩවිය වෙත වැඩි වැඩියෙන් පිරිස් ගෙන්වාගැනීමටනම් එයට සුදුසු අන්තර්  ගතයකින් අපගේ අඩවිය යුක්ත විය යුතුයි. ඒක ඉතින් ඔයාලගේ දස්කම මත සිදුවිය යුත්තක්. අපි බලමුකෝ කොහොමද මේකට වෙළද දැන්විමක් දාගන්නේ කියලා.


                            කොල්ලනේ ඔයාලා අහලා තියනවා නේද Google adsense ගැන. ඒකෙන් කරන්නේ අපේ වෙබ් පිටුවලට දැන්වීම් සැපයීමයි. එම දැන්වීම් අපේ වෙබ් පිටුව හරහා යමෙක් එම දැන්වීම් නැරඹුවහොත් ඔවුන් විසින් අපට කිසියම් මුදලක් දෙනු ලබයි. මේ සිදුවීම වෙන හැටි පිළිබදව නම් අපේ යාළුවෝ ගොඩක් දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නෙත් නැහැ ඔන්න. ඉතින් යාළුවනේ සිංහල බ්ලොග් කරන අපි වගේ අයට මේ Google adsense කියන්නේ ඉතින් සිහිනයක් තමයි. මොකද අපි වගේ සිංහල අඩවි වලට ඒ අය දැන්වීම් සැපයීම සිදුකරන්නේ නෑ. ඒ වගේම තමයි මෙයාලගේ තියන නීති රිති. ඒවා ඔක්කොම හරියට හදා ගන්නත් අපිට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඒක හින්දා මෙයාල ගැන තියන අදහසනම් ඉතින් අපි කවුරුත් හිතින් අත්හැරලනේ ඉන්නෙ. :D කමක් නෑ යාළුවනේ ඒකට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ. 

                                ඔයාලා දන්නවා ඇතිනේ Google adsense වගේ දැන්වීම් සපයන ආයතන තවත් බොහෝමයක් තියන බවත්. නමුත් අපි එහෙම එකක්  තෝරා ගනිද්දී විමසිලිමත් විය යුතුයි නේද? මොකද තියන හැම ආයතනයක්ම සත්‍ය ඒවා නොවන බැවිනි. බොහෝ ආයතන අපිව රැවටීම පමණක් සිදුකරන නිසාවෙනි. මම අද කියන්න යන්නේ අපිට විශ්වාසයක් ඇති ආයතන කිහිපයක් ගැනයි. බලන්නකෝ මමත් මේ ආයතන වල දැන්වීම් මගේ බ්ලොගියේ දාලයි තියෙන්නේ. ඔයාලට දැනුත් පේනවා ඇති ඒක. එහෙනම් මෙන්න ඒ වෙළද දැන්වීම් සපයන ආයතන.




                                Geegain 

                               මේක ලංකාවේ ආයතනයක්. මේක මගින් උපයන මුදල් අපට Alertpay හරහා ද ගෙන්වා ගත හැකිය. එසේම මෙහි මුදල් ගෙවීම සිදු වනුයේ $50 සිට වෙයි. අපගේ දක්ෂතාවය මත මෙහි මුදල් ඉපයිම වේගවත් කර ගත හැකි වේ. Referrals ලින්ක් එක හරහා මෙය අන් අයට හදුන්වා දී ද අපට මුදල් උපයා ගත හැකි තවත් ක්‍රමයකි.


Clicksor

                                        මේක මගින් උපයන මුදල් අපට චෙක් පත් මගින් ගෙන්වා  ගත හැකිවේ. එසේම බොහෝ වෙබ් සයිට් ප්‍රමාණයකට දැන්වීම් ලබා ගත හැකි වේ. $50 සිට මෙහි මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
 

Smowtion

                                   මෙමගින් මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ $ 1 සිටය. එසේම මෙහි මුදල් ගැනීම ATM මාර්ගයෙන් ද ගත හැකි වෙයි. අප ඉල්ලුම් කරන අඩවියේ පමණක් මෙහි දැන්විම් දැමිය හැකිවේ. 


BidVertiser


                                                      මේකත් පෙරසේම $50 ක සිට මුදල් ගෙවීම සිදු කරන ආයතනයක්. මෙයද හොද දැන්විම් සපයන ආයතනයක් ලෙසින් දැක්විය හැකිය.

මෙන්න තියනවා යන්න ඕනි තැන් ටික. ඔයාලා කැමති එකකට ගිහින් වැඩේ කරගන්න. අවුලක් තියනවනම් කියන්න.






Geegain Advertising Program


Monetize your site!


                                       



                             ඔන්න යාළුවනේ එකක් කියන්න ඕනි. මේ මොන විදිහේ දැන්වීම් අපි බ්ලොග් එකේ දාගත්තත් අපෙ අඩවියට පැමිණෙන අය එය නැරඹ්ම සිදු කල විට පමණයි අපට මුදල් ලැබෙන්නේ. එසේම මම මුලින් කිවුව ලෙසින් ගොඩක් ප්‍රේක්ෂකයන් අපේ වෙබ් අඩවිය වෙත ගෙන්වා ගැනීම මත තමයි මෙය සිදුවන්නේ. එහෙනම් කොල්ලනේ කැමතිනම් කරලා බලන්න. ඔන්න එහෙනම් මම ගියා. ඔය තියන like බටන් එකටත් පොඩි තට්ටුවක් දාලා යටිනුත් මොකුත් කොටලා යන්න. අතින් පයින් යනවායැ. :D මට ඒක ගොඩක් වැදගත් ඉදිරි කටයුතු සදහා. එහෙනම් ඔක්කෝටම ජය වේවා. මම ගියා. වෙන දවසක ආපහු ලිපියකින්  හමුවෙමු.
Read more

5 අපේ බ්ලොග් එකට මුහුණු පොතේ comment box එක දා ගමු

 


                             ඔන්න ඉතින් යාළුවනේ අද මම ඔයාලට හා පුරා කියලා දෙන්න යන්නේ පොඩි ගැජට් කැල්ලක්. මේක දන්න යාළුවොත් ගොඩක් ඇති කියලා මම හිතනවා. නමුත් නොදන්න අයටයි මේ දේ. විශේෂයෙන්ම පොඩි මල්ලියා කෙනෙකුත් මගෙන් අහල තිබ්බා කොහොමද මේක ගැන. මොකක්ද යාළුවනේ මේ ගැජට් එක. ඔයාළා දැනටමත් උඩ රූපයෙන් මේ මොකක්ද කියලා දැනගෙනත් ඇති. මේක අපි නිතරම මුහුණු පොතේදි දකින දෙයක්. අපිට මොකකට හරි කොමෙන්ටුවක් එහෙම කොටන්න තියනවනම් අපි ඒ වෙනුවෙන් මේ ගැජට් එක භාවිත කරනවා.


                                හරි ඉතින් අපි බලමුකො මේකට අපි මොකද අපි කරන්න යන්නේ කියලා. අපි බලමු මේක අපේ බ්ලොගියට කොහොමද දාගන්නේ කියලා. මේ ගැන අපේ මුහුණු පොතේ මාමලත් දිල තියනවා. මේක ඉතින් සිම්පල් ප්ලෑන් එකක්.:D . හරි එහෙනම්  අපි බලමුකෝ මේක කොහොමද අපි කරගන්නේ කියලා. මම මේ පහතින් දීලා තියන පිළිවෙලට කරානම් වැඩේ ගොඩ .


                                    මුලින්ම ඔයාලා ඔයාලගේ බ්ලොග් එකේ  Dashboard > Design >Edit HTML > යන්න. ඊට පස්සේ Expand Widget Templates කියන තැනට හරියක් දාන්න අමතක නොකරම. හරිද යාළුවනේ. එහෙනම් දැන් Ctrl+F ඔබන්න. හරිනේ. එහෙනම් යටින් එන්න ඇතිනේ Find කියලා එකක්. එතන <body> කියලා ටයිප් කරන්න. පස්සේ <body>  කියලා එකක් පෙනෙයි. එතන යටින් පහත තියන කෝඩ් එක දාගන්න (copy කරලා past) කරන්න.







පසුව අපි Save Template කියන බටන් එක ඔබලා ඒ වැඩේ ඉවර කරනවා

           දැන් ඔයාලා යන්න ඕනි Page Elements > Add a Gadgrt > HTML/JavaScript >
ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක (copy කරලා past) කරන්න.

 



දැන් ඒකත්save පාරක් දාන්න. වැඩේ ඉවරයි.


සැලකිය යුතුයි: 
                       පහත කොඩ් එකේ  http://www.apiwenuwen.blogspot.com යනුවෙන් තිබෙන ස්ථානයට  
                      ඔබගේ url එක දැමිය යුතුය.


යාළුවනේ යනින් ගමන් මතක ඇතුව දකුණු පැත්තේ like බටන් එකට තට්ටුවකුත් දාලා, මොකක් හරි අදහසකුත් යටින් ‍කොටලා යන්න. එය මාගේ ඉදිරි ගමනට මහත් සෙයින් ඉවහල් වන බව සිකුරුයි.:D
වැරදි ඇති හදලා ගන්න යාළුවනේ.
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen