Showing posts with label අන්තර්ජාලයේ මුදල් සෙවීමේ කලාව. Show all posts
Showing posts with label අන්තර්ජාලයේ මුදල් සෙවීමේ කලාව. Show all posts

0 අපේ බ්ලොග් එකෙ දැන්වීම් මගින් මුදල් සොයමු.



                       ගොඩක් දවසකින් මොකුත් ඔයාලට ගෙනෙන්නත් බැරි උනානෙ. මට පොඩි පොඩි වැඩ තිබ්බා. මොනවා කරන්නද ඉතින් ඒවත් කරන්න එපායැ. :D  ඔන්න කොල්ලනේ අද මම මරු දෙයක් තමයි ඔයාලට කියන්න යන්නේ. මේකත් දන්න යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔන්න මම නම් ඉතින් මේක කියන්නේ නොදන්න අයටයි. මම දන්න විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්න යන්නේ. මීට වඩා මොනවා හරි දෙයක් දන්න අය ඉන්නවනම් මටත් කියලා දෙන්න යාළුවනේ. යටින් ලියන්නත් තැනක් තියනවනේ. වැරදිත් ගොඩක් තියෙන්න පුළුවන් ඉතින් ඒවා හදාගෙන වැඩේ කරගන්න.

                            එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු. අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට ඉතින් දැන් බ්ලොග් එකක් එහෙම තියනවනේ. ඉතින් ඒවට ලිපිත් ලියනවා ඇතිනේ. කවුරුත් ආස ඇතිනේ මේ ලිපි ලිය ලිය ඉන්නවාට අමතරව ඒ බ්ලොග් එකෙන් මොකක් හරි ආදායමකුත් ලබා ගන්න. ඔන්න ඉතින් ඒකට නියම විසදුමක්. මම දැන් කියන්න යන්නේ එහෙම දෙයක් ගැනයි. ඔයාලටත් කැමතිනම් මේක අත්හදා බලන්න.


                           ඔයාලා ගොඩක් අය දන්නවානේ අපේ බ්ලොග් එක තුළ දැන්වීම් පල කිරීම මගින් මුදල් සෙවිය හැකි බව. මම කියලා දෙන්න යන්නෙත් මේ ගැනයි. අපි මෙම කටයුත්තට පෙර අපගේ බ්ලොග් අඩවියේ අලංකාරය මෙන්ම එහි අන්තර්ගත කරුණු පිළිබදවත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද කියනවානම් අපේ බ්ලොග් අඩවිය වෙත වැඩි වැඩියෙන් පිරිස් ගෙන්වාගැනීමටනම් එයට සුදුසු අන්තර්  ගතයකින් අපගේ අඩවිය යුක්ත විය යුතුයි. ඒක ඉතින් ඔයාලගේ දස්කම මත සිදුවිය යුත්තක්. අපි බලමුකෝ කොහොමද මේකට වෙළද දැන්විමක් දාගන්නේ කියලා.


                            කොල්ලනේ ඔයාලා අහලා තියනවා නේද Google adsense ගැන. ඒකෙන් කරන්නේ අපේ වෙබ් පිටුවලට දැන්වීම් සැපයීමයි. එම දැන්වීම් අපේ වෙබ් පිටුව හරහා යමෙක් එම දැන්වීම් නැරඹුවහොත් ඔවුන් විසින් අපට කිසියම් මුදලක් දෙනු ලබයි. මේ සිදුවීම වෙන හැටි පිළිබදව නම් අපේ යාළුවෝ ගොඩක් දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නෙත් නැහැ ඔන්න. ඉතින් යාළුවනේ සිංහල බ්ලොග් කරන අපි වගේ අයට මේ Google adsense කියන්නේ ඉතින් සිහිනයක් තමයි. මොකද අපි වගේ සිංහල අඩවි වලට ඒ අය දැන්වීම් සැපයීම සිදුකරන්නේ නෑ. ඒ වගේම තමයි මෙයාලගේ තියන නීති රිති. ඒවා ඔක්කොම හරියට හදා ගන්නත් අපිට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඒක හින්දා මෙයාල ගැන තියන අදහසනම් ඉතින් අපි කවුරුත් හිතින් අත්හැරලනේ ඉන්නෙ. :D කමක් නෑ යාළුවනේ ඒකට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ. 

                                ඔයාලා දන්නවා ඇතිනේ Google adsense වගේ දැන්වීම් සපයන ආයතන තවත් බොහෝමයක් තියන බවත්. නමුත් අපි එහෙම එකක්  තෝරා ගනිද්දී විමසිලිමත් විය යුතුයි නේද? මොකද තියන හැම ආයතනයක්ම සත්‍ය ඒවා නොවන බැවිනි. බොහෝ ආයතන අපිව රැවටීම පමණක් සිදුකරන නිසාවෙනි. මම අද කියන්න යන්නේ අපිට විශ්වාසයක් ඇති ආයතන කිහිපයක් ගැනයි. බලන්නකෝ මමත් මේ ආයතන වල දැන්වීම් මගේ බ්ලොගියේ දාලයි තියෙන්නේ. ඔයාලට දැනුත් පේනවා ඇති ඒක. එහෙනම් මෙන්න ඒ වෙළද දැන්වීම් සපයන ආයතන.




                                Geegain 

                               මේක ලංකාවේ ආයතනයක්. මේක මගින් උපයන මුදල් අපට Alertpay හරහා ද ගෙන්වා ගත හැකිය. එසේම මෙහි මුදල් ගෙවීම සිදු වනුයේ $50 සිට වෙයි. අපගේ දක්ෂතාවය මත මෙහි මුදල් ඉපයිම වේගවත් කර ගත හැකි වේ. Referrals ලින්ක් එක හරහා මෙය අන් අයට හදුන්වා දී ද අපට මුදල් උපයා ගත හැකි තවත් ක්‍රමයකි.


Clicksor

                                        මේක මගින් උපයන මුදල් අපට චෙක් පත් මගින් ගෙන්වා  ගත හැකිවේ. එසේම බොහෝ වෙබ් සයිට් ප්‍රමාණයකට දැන්වීම් ලබා ගත හැකි වේ. $50 සිට මෙහි මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
 

Smowtion

                                   මෙමගින් මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ $ 1 සිටය. එසේම මෙහි මුදල් ගැනීම ATM මාර්ගයෙන් ද ගත හැකි වෙයි. අප ඉල්ලුම් කරන අඩවියේ පමණක් මෙහි දැන්විම් දැමිය හැකිවේ. 


BidVertiser


                                                      මේකත් පෙරසේම $50 ක සිට මුදල් ගෙවීම සිදු කරන ආයතනයක්. මෙයද හොද දැන්විම් සපයන ආයතනයක් ලෙසින් දැක්විය හැකිය.

මෙන්න තියනවා යන්න ඕනි තැන් ටික. ඔයාලා කැමති එකකට ගිහින් වැඩේ කරගන්න. අවුලක් තියනවනම් කියන්න.






Geegain Advertising Program


Monetize your site!


                                       



                             ඔන්න යාළුවනේ එකක් කියන්න ඕනි. මේ මොන විදිහේ දැන්වීම් අපි බ්ලොග් එකේ දාගත්තත් අපෙ අඩවියට පැමිණෙන අය එය නැරඹ්ම සිදු කල විට පමණයි අපට මුදල් ලැබෙන්නේ. එසේම මම මුලින් කිවුව ලෙසින් ගොඩක් ප්‍රේක්ෂකයන් අපේ වෙබ් අඩවිය වෙත ගෙන්වා ගැනීම මත තමයි මෙය සිදුවන්නේ. එහෙනම් කොල්ලනේ කැමතිනම් කරලා බලන්න. ඔන්න එහෙනම් මම ගියා. ඔය තියන like බටන් එකටත් පොඩි තට්ටුවක් දාලා යටිනුත් මොකුත් කොටලා යන්න. අතින් පයින් යනවායැ. :D මට ඒක ගොඩක් වැදගත් ඉදිරි කටයුතු සදහා. එහෙනම් ඔක්කෝටම ජය වේවා. මම ගියා. වෙන දවසක ආපහු ලිපියකින්  හමුවෙමු.
Read more

3 දියුණු වෙන්න කියාපු රැකියාව.

                  මුලින්ම කියන්න ඕනි මේ දේ අද අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි මම අද කියන්න යන දේ. ඒ දේ නොදන්න අයට මොකක් හරි හෙල්ප් එකකට තමයි මේක ලියන්න හිතුවේ. මොකද මේ ගැන අද ලොකු උනන්දුවකුත් තියන නිසා. නමුත් මට මේක ලියන්න තේරෙන්නෙත් නෑ. මොනවා හරි අවුලක් තියනවනම් සොරි. හොදේ. මොනවා හරි තියනවනම් කියන්න මට හදාගන්නත් එක්ක. ඒ වගේම දැනගන්න දෙයක් තියනවනම් කියන්න. දන්නවනම් කියන්නම්. මොකටද හංගන්නේ නේද. හොදයි එහෙනම් පටන්ගමුකෝ...........

                  මම මීට කලිනුත් අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම ගැන පොඩි හැදින්වීමක් කලා. ඒ වගේම පොඩි වැඩකුත් කියලා දුන්නා. හැබැයි දැන් දෙන්න යන වැඩේ නම් ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. මේක කරන්න එතරම් ලේසි නෑ. මොකද අපිට කිසියම් දැනුමක් මේ පිළිබදව තිබිය යුතුයි. කොහොමත් ඉතින් වැඩියෙන් සල්ලි හොයන්න වැඩියෙන් මහන්සි වෙන්න එපායැ. කවුද පිනට සල්ලි දෙන්නේ :D. හරි කමක් නෑ යාළුවනේ මම වැඩේට බහින්නම්කෝ

                         මොකක්ද මේ රැකියාව? අපි කවුරුත් වගේ රැකියා කරනවනේ. හෝ..හෝ...... එහෙම කිවුවම හරියනවා යැ. නේද. එතකොට අපේ මේ පොඩි කොල්ලො කෙල්ලන්ට මොකද වෙන්නේ. තව රැකියාවක් ගැන හිතලවත් නෑ  නේද? ගෙදෙට්ට පිං සිද්ද වෙන්න හොදින් ඉන්නවා. හොදයි යාළුවනේ ඒ අපි කාට උනත් මේ රැකියාව කරන්න පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි. යාළුවේ මේ රැකියා ලබා දෙන්නේ නොයෙක් ආයතන මගින්. එවැනි ආයතන බොහෝමයක් අද වන විට ලෝකයේ පවතිනවා. නමුත් ඒවායින් ගොඩක් ඒවා අපිව රැවටීමට ලක් කරන ආයතන. මේ අතර හොද ආයතන මොනවාද යන්න අපි දැන සිටිය යුතුයි. මම මෙවැනි හොද ආයතන දෙකක් ගැන අද ඔයාලට කියලා දෙන්නම්කෝ

                              මෙන්න ඒ ආයතන odesk , freelancer , මේ ආයතන දෙක සමග අද ලෝකයේ බොහෝ දෙනා එකතු වී වැඩ කරනවා. මේවායින් කරනු ලබන්නේ නොයෙකුත් වැඩ ඒ ඒ සුදුසුකම් හිමි පුද්ගලයින්ට ලබා දීමයි. ඇත්තටම කිවුවොත් මෙම සමාගම් අතර මැදියන් ලෙස තමයි කටයුතු කරන්නේ. අපි සිංහලෙන් කියන විදිහට කිවුවොත් අර බෝකර්ලා කියන්නේ. දැන් තේරෙන්න ඇතිනේ. ලෝකයේ නොයෙකුත් පුද්ගලයන් සතු වැඩ මෙම ආයතන මගින් එය කිරීමට සුදුසු පුද්ගලයින්ට බාරදීමයි මේ අය සිදු කරන්නේ.

                            මෙම වැඩේ කරද්දී අපිට මෙම ආයතනය තුළ ලියාපදිංචි විය යුතු වෙනවා. ඉන් පසුව අපගේ සුදුසුකම් මොනවාද යන්න ආදිය ඔවුන් වෙත දැන්විය යුතුයි. එසේම ඔවුන් නොයෙකුත් විභාගයන් තුළින් අපගේ එම දැනුම උරගා බලනවා. තේරෙන්න ඇති නේ. පසුව තමයි අපිට කුමක් හෝ වැඩක් දෙන්නේ. අපගේ සුදුසුකම් සපුරා ගැනීම අනුව අපිට ලැබෙන රැකියා පුමාණයද වෙනස් වෙනවා. එසේම මෙම රැකියා Part Time: 10-30 hrs/week හා Full Time: 30+ hrs/week වශයෙන් සිදු කල හැකියි. ඔයාලට පේනවා ඇතිනේ පැය 10-30 අතර කාලයක් සතියකට කරන්න පුළුවන් පාට් ටයිම් එකකදී. පැය 30 කට වැඩියෙන් කරන්න ඕනි සිතියකට පුල් ටයිම්නම්. ඒවගේම තමා මෙම ආයතන මගින් අපට ලබා දෙන මුදල් අපිට අවශ්‍ය bank එකක් හරහා ගෙන්න ගන්නත් පුළුවන්. ඒවගේම ඔවුන් විසින් අපට අවශ්‍යනම් ඩෙබිට් කාඩ් එකක් හෝ මාස්ටර් කාඩ් එකක් ලබා ගත හැකියි. ඒ පිළිබදව අපි වෙන දවසක කතා කරමු. දැන් මට නිදිමතකුත් එනවා. ගොඩක් රෑ වෙලා.


                        එහෙනම් යාළුවනේ දැන් ඔයාලා මෙම කැමති ආයතනයක් හා සම්බන්ද වී වැඩ කරලා බලන්නකෝ. ඒකට මම පහත දිලා තියන ඒවගෙන් කැමති  එකක් ඔබලා ඇතුල් වෙන්න. ඒ වගේම තමයි ඔය යනින් ගමන් දකුණු පැත්තට like පාරකුත් දාල යන්න අමතක කරන්න එපා හොදේ. හා තව දෙයක් මොනවා හරි යටින් කොටලත් යන්න. මට පොඩි හෙල්ප් එකකටත් එක්ක. එහෙනම් හැමෝටම සුභ ගමන්





The On Demand Global Workforce - oDesk

Freelance Jobs
Read more

2 මුදල් සෙවීමේ නව ක්‍රමය

               
              මුලින්ම කියන්න ඕනි මම මෙවැනි බ්ලොග් අඩවියක් සදහා ලිපියක් ලියන ප්‍රථම අවස්ථාව. මම මෙම ලිපිය මගින් ඔබට කියන්න සූදානම් වන්නේ ඔබලා ගොඩක් කැමති වන කරුණක් පිළිබදවයි. ඒක මොකක්ද කියනවනම් මුදල් සෙවීමේ නවතම ක්‍රමයක් පිළිබදවයි. මේක අළුත් ක්‍රමයක් කිවුවට මේ ගැන බොහෝ කරුණු බ්ලොග් අඩවි වලින් පවා මීට පෙර පලවී ඇති බව ඔබත් දැක තිබෙනවා.මෙම ක්‍රම මගින් මුදල් ඉපයිය හැකි බව මම පුද්ගලිකව අධ්‍යනය කිරීම මගින් සනාථ කරගෙන සිටිනවා 

                        මෙච්චර වටේ යන්නෙ නැතුවම මම කියන්නම්කෝ ඔයගොල්ලන්ට මෙම ක්‍රමය කුමක්ද කියලා. මෙසේ මුදල් හොයන්න නම් ඔබට මුලින්ම අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක් තිබිය යුතුම වෙනවා. මම හිතන පරිදිනම් එය ඔබ සතුව දැනටමත් පවතිනවා විය යුතුයි. මෙම ලිපිය පවා අන්තර්ජාලය තුලින් දක්නට ලැබෙන්නේ ඔබ ඉහත කරුණ සපයා ඇති බැවින් බව මට පැහැදිලියි. ඔබ කල්පනා කර බලන්න මෙම පරිගණයක දිනකට පැය කීයක් නම් ඔබ විසින් පාවිච්චි කරන්නේද යන්න. එයිනුත් පැය කීයක් නම් කිසිදු ප්‍රයෝජනයක් නැති වැඩවලට යොදවන්නේද කියා. එසේනම් ඔබ වැය කරන විදුලි බිල. ඉන්ටර්නෙට් සදහා වැයවන මුදල කිසියම් අයුරකින් මෙම වැඩ කරන අතර තුර ඉපයීමට කැමැත්තක් දක්වන්නේද? එසේනම් මේ සදහා ඔබ නිතැතින්ම උත්සහ කරන බව සහතිකයි.

                      ඔබ නොයෙකුත් අන්දමේ රැකියාවක නිරත වන්නේ කුමක් හෝ මුදලක් උපයා ගැනීමටයි. මේ සදහා ඔබ ඔබගේ රැකියා ස්ථානයට යායුතු වනවා. ඔබ දන්නවාද මෙවැනිම රැකියා වර්තමානයේ අන්තර්ජාලය මගින් සිදුකල හැකි බව? මෙම ලෝකය දැන් ඉතාමත් දියුණුයි. මෙම දියුණුව මගින් අප උපරිම ප්‍රතිථල නෙලා ගත යුතුයි. අන්තර්ජාලය මගින්ද නිවැරදි අන්දමෙන් වැටුප් ලබමින් අපට රැකියාවක් නිරතවිය හැකියි.

                    අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම රාශියක් ලොව තිබෙනවා. මේ අතර google Adsense ක්‍රමය මුදල් ඉපයීම බොහෝ පිරිසක් විසින් සිදුකරනු ලබනවා. නමුත් මේ සදහා ඔබට වෙනම වෙබ් අඩවියක් තිබිය යුතු වෙනවා. Adsense යනු google සමාගම විසින් වෙළද දැන්වීම් ප්‍රචාරනය සදහා ආරම්භවුනු ආයතනයකි. මීට අමතරව type settings,data entry, රැකියාවන්ද බොහෝමයක් අන්තර්ජාලය මගින් ඔබට සිදුකළ හැකිය. මෙවැනි ආයතන බොහෝමයක් සදහා ලියාපදිංචි වීමට මුදල් ඉල්ලනු ලබයි. මෙම මුදල් යෙදවීමේදී අප නිරන්තර අවදානයකින් සිටිය යුතු වනවා. කුමක්නිසාද යත් බොහෝ ආයතන වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන ආයතන බැවිනි

                                  අපට මුදල් ඉපැයිය හැකි තවත් ලෙහෙසි ක්‍රමයක් වනුයේ අන්තර්ජාලය තුළ පලවන්නාවූ නොයෙකුත් දැන්වීම් නැරඹීම තුළිනි. මෙය ඉතා පහසු කටයුත්තකි. මෙම සේවාවන් සපයන් ආයතනද බොහෝමයක් දක්නය පුළුවන එයින් එකක් පිළිබදව මම අද ඔබලාට කියා දෙන්නම්. මුලින්ම අපට මේ සදහා E mail ගිණුමක් හා online bank account එකක් තිබිය යුතු වෙනවා.Email ගිණුමක් සෑදීම සදහා මෙතන ඔබන්න.පසුව පහත උපදෙස් පිළිපදින්න.

1-පැමිණ තිබෙන පෝරම පුරවන්න.
2- යන්නට තිබෙන අකුරු ටික පහත කොටුවේ ටයිප් කරන්න.
3- පෝරම පුරවා අවසානයේ I accept create my account. එක ඔබන්න.
              දැන් ඔබට Email account එකක් ඇත.

online bank account සදහා හොද account එකක් ලෙස alertpay bank account එක දැක්විය හැකියි. ඒ සදහා මෙතන ඔබන්න.
1-Select your account type යන්නට Personal starter යන්න දෙන්න.
2- පසුව next step යන්න ඔබන්න.
3- පසුව Personal Information යන පෝරමය පුරවා next step කරන්න.
4-පසුව Account Information යන්නට final step කරන්න.
5- ඔබට ඔබේ alertpay bank account එක දිස්වේවි.


                 ඉන් පසු clixsense නැමැති ආයතනය වෙත ගොස් අප එහි register විය යුතුය. ඒ සදහා මෙතන ඔබන්න.
              ඉන් පසු ලැබෙන තිරයේ දැක්වෙන MEMBERS යන තැන පහලින් ඇති SIGN UP NOW යන්න ඔබන්න.
             පසුව ලැබෙන පෝරමය පුරවන්න. එහි දැක්වෙන method යන්නට alertpay ලෙස දී පහත ඒ සදහා දුන් Email එක ලබාදෙන්න. CAPTCHA යන්නට එහි දිස්වන රූපයේ ඇති දේ ඉදිරි කොටුව තුළ සටහන් කරන්න. පසුව යටින් ඇති create account යන්න ඔබන්න.
               දැන් ඔබ පෙර සාදන ලද Email account එක වෙතයන්න ඒ සදහා සෙවුම් කොටුව තුළ gmail යන්න සටහන් කර සොයා username,passoword type කර login වන්න. එහි ඇති inbox එක තුළ ඇති clixsense වෙතින් පැමිණ ඇති mail එක තුළට පිවිසෙන්න එහි Please click on the following link in order to confirm it: යන්නට පහලින් ඇති ලින්ක් එක ඔබන්න.

                          දැන් පැමිණෙන පිටුවෙහි ඔබ පෙර සදහන් කල username,passoword type කර login වන්න.

             දැන් ඔබට ඇත්තේ ඒ තුළින් මුදල් ඉපයීමයි. ඒ සදහා ඔබ පිටුවේ උඩ දක්නට ලැබෙන view ads යන්න වෙත පිවිස එහි ඇති වෙළද දැන්වීම නැරඹිය යුතුයි. ඒ සදහා පහතින් දැක්වෙන වෙළද දැන්වීම් ක්ලික් කරන්න. මෙම වෙළද දැන්වීම් නැරඹීමෙන් ලැබෙන මුදල හා එය නැරඹිය යුතු වෙලාව එම දැන්වීම තුළ දක්වා ඇත. එය නැරඹීමට පෙර ඔබට එය බැලීමට හැකිය. එක දැන්වීමක් පැය 24 වරකට 1 වරක් බැගින් නැරඹිය හැකි අතර දිනකට බොහෝ දැන්වීම් ඔවුන් විසින් දෙනු ලබයි. මෙම දැන්වීම් බැලීමේදී තත්පර 80 වක් ඇතුළත එහි උඩ දක්නට ලැබෙට ජායාරූපයට සමාන අනිත් ඉදිරියෙන් ඇති ජායාරූපය ක්ලික් කළ යුතුයි. පසුව තත්පර 3 ක් වැනි කාලයක් එහි සිටීමෙන් හරි සලකුණක් වැටේ. පසුව එම වින්ඩෝ එක Close කලහැකිය. මෙසේ දැන්වීම් නැරඹිමෙන් ඔබට විශාල මුදලක් ඉපයිය හැකි අතර මෙවැනි වෙනත් ආයතන හා එක්වීමෙන් ඔබට මෙය තවත් සාර්ථක කර ගත හැකිය. එසේම මෙය ඔබේ මිතුරන් හා හදුන්වාදීම මගින්ද ඔබට මෙය වැඩිදියුණු කරගත හැකිවේ.

                               එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. මේ සදහා ඔබ comment එකක් දමා ගියාට කිසි වරදක් නෑ. මේ පිළිබද තොරතුරු ලබන බ්ලොග් ලිපියෙන් දන්වන්නම්.
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen