කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. නමුත් මම ඊට වඩා ගොඩක් වෙනස් විදිහටයි මේක කරන්න යන්නේ. මේ වගේ පුළුල් ප්‍රචාරයක් දෙන වෙන කෙනෙක් ඔන්න ඉතින් ලොවෙත් නෑ :D
Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts
0 2011 උසස් පෙළ ප්‍රතිඵල ලගදීම.
By Unknown on Wednesday, November 30, 2011



1 දක්ෂිණ ලංකා අධිවේගී මගෙහි පළමු රිය අනතුර.
By Unknown on Monday, November 28, 2011
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගී මග විවෘත කොට පැය 24 ක් යාමට මත්තෙන් පළමු රිය අනතුර සිදුවිය. මෙය සිදුවී ඇත්තේ උදෑසන 07.10 ට පමණය. කහතුඩුව කිලෝමීටර 8 කණුව අසල මෙම රිය අනතුර සිදුවී ඇති අතර එයින් කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් මෙම අනතුරට ලක්ව ඇත. මේ සදහා වහා ක්‍රියාත්මක වූ හදිසි ආපදා රථ වහා එම ස්ථානයට පැමිණ එම අනතුරින් තුවාල ලැබු රෝගීන් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුලත් කරන ලදී.







0 ලංකාවේ අධිවේගී මාර්ග හා දක්ෂිණ අධිවේගී මගෙහි ගමන් මග.
By Unknown on Sunday, November 27, 2011













ලංකාවට අධිවේගී මාර්ගයනු සිහිනයක් වී තිබුනු දෙයකි. නමුත් මෙම සිහිනය සැබැ කරමින් වත්මන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් දක්ෂිණ අධීවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග කිහිපයක්ම ලංකාවට දායාද කිරීමට කටයුතු කරන ලදී එහි ප්‍රතිඵලයක් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ - කටුනායක, කොළඹ - නුවර, සේම යාපනයට හා ත්‍රිකුණාමලයටත් අධිවේගී මාර්ගයන් ඉදිකිරීමට අධිටන් ගෙන කටයුතු කරන ලදී.
මෙහි පළමු පියවර යටතේ ඉදිවූ දක්ෂීණ අධිවේගී මාර්ගය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද දින (2011/11/27) විවෘත වු අතර එය සවස 06.00 න් පසුව මහජනතාවට විවෘත වේ. මෙහි විවෘත කිරිමෙන් අනතුරුව අතිගරු ජනපති තුමන්,එම ආර්යාව හා සිය පුතුන් දෙදනා මෙහි මුල්ම ගමන් වාරය ආරම්භ කරන ලදී. මෙහි විශේෂිත කරුණ වනුයේ ජනපති තුමන් විසින්ම ඔවුන් ගමන් ගත් වාහනය පැදවීම හා මාර්ගයෙහි ගමන් කිරීම සදහා අවශ්‍ය වන මුල්ම ටිකට් පතද ජනපති තුමන් අතින්ම මුදල් ගෙන මිලදී ගැනිමත්ය.
මෙම අධිවේගී මාර්ගයන් ඉදිකිරීම සදහා අදහස ප්‍රකාශකරන ලද අවස්ථාවේ හා එහි ඉදිකිරීම් සිදු කරන අවස්ථාවේදීත් නොයෙක් පිරිස් විසින් නොයෙක් ලෙසින් මේ සදහා බාධා පමුණවන ලදී. මෙම ඉදිකිරීම් සදහා විශාල ලෙස අභියෝගයක් වුයේ පාරම්පරික වශයෙන් අයිතිව තිබූ ඉඩ කඩම් පවරා ගැනීමය. එසේම මෙම ඉදිකිරීම් විශාල වශයෙන් සිදුකොට ඇත්තේ වගුරුබිම් හා නොයෙකු කදු ආදිය හරහාය. එබැවින් ඒවා මත මෙය ඉතා හොද ප්‍රමිතියකට ඉදිකිරීමද ඉතා අපහසු කටයුත්තකි. නමුත් නවීන තාක්ෂණය භාවිත කරමින් වර්තමාන රජය එම අභියෝගය ජයගෙන ඇත.
අද දින විවෘත කරන ලද අධීවේගී මාර්ගයෙහි ආරක්ෂක කටයුතු සදහා ඒ වෙනුවෙන් පුහුණු කරන ලද 500 ක පමණ ආරක්ෂක අංශයෙන් යොදවා ඇති අතර ඒ සදහා සුදුසු වූ පොළිස් රථ වාහනද මෙම මාර්ගයෙහි ආරක්ෂාව වෙනුවෙන් වෙන් කොට ඇත. මිට අමතරව හදිසි ආපදා රථ හා නොයෙකුත් පහසුකම්ද මෙම මාර්ගයෙහි ගමන් කරන මගීන් වෙනුවෙන් යොදවා ඇත. එසේම මෙම අධිවේගී මාර්ගයෙහි මාර්ග නීති ඉතා තදින් ක්‍රියාත්මක වන අතර වේගය මැනීම සදහා ඉතා නවීන තාක්ෂණික උපකරණ පවා භාවිතා කෙරේ.

















මෙම මාර්ගයෙහි ගමන් කිරීම සදහා සෑම රියදුරකු විසින්ම නියමිත ගාස්තු ගෙවා අදාල බිල්පත ලග තබාගත යුතු අතර එය ගමනාන්තය දක්වාද සුරක්ෂිතව ලග තබා ගත යුතුය. එසේම සියළු රියදුරන් තම ගමනාන්තය පිළිබදව නිසි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු අතර තමන් ගමන් කළ යුතු මාර්ගයද මුලදීම දැනුවත් විය යුතුය. මෙම මාර්ගයෙහි කිසිදු අවස්ථාවක අතර මැද හැරවීම හෝ පසුපසට ගමන් කිරිම සපුරා තහනම් වන අතර කෙළවර මන් තීරුව ඉක්මවිය හැක්කේ වාහනයක් පසුකොට යෑමේදී පමණි. එසේම මෙහි උපරිම ගමන් කළ හැකි වේගය වනුයේ පැයට කිලෝමීටර 100 ක වේගයෙනි. නොබෝ දිනකින්ම අවම වේග සීමාවද දැනුම් දෙන බව බලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇත. එසේම මෙම මාර්ගයට අවතීර්ණ වීමේදී නිසි වේගයක් පවත්වාගත යුතු බවද රියදුරන් විසින් අවධාරණය කරගත යුතුය. එසේම මෙම මාර්ගයේහි යතුරුපැදි,ත්‍රීවිලර්.කරත්ත,බයිසිකල්, හා පයින් ගමන්කිරීමද සපුරා තහනම්ය.
තවද මෙම මාර්ගයට
පිවිසීමේදි ඉතා හොදින් තම වාහනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහි කිසිදු දෝෂයක් මතුවුවහොත් එය සියළු රියදුරන්ට හානිදායක වීම හා එමගින් බොහෝ අනතුරු වීමට ඇති ඉඩ කඩ නිසාවෙනි. එසේම රියදුරුගේ මානසිකත්වයද ඉතා හොදින් පවත්වාගත යුතු බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටී. මෙම මාර්ගයෙහි පිවිසුම් දොරටු මගින් පමණක්ම මෙහි ඇතුලත් විය යුතු අතර එහිදී රියදුරන් හට මෙහි මාර්ග තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් ලබාදීමටද බලධාරීන් කටයුතු යොදා ඇත.













පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
<a
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>