මුදල් සෙවීමේ නව ක්‍රමය

               
              මුලින්ම කියන්න ඕනි මම මෙවැනි බ්ලොග් අඩවියක් සදහා ලිපියක් ලියන ප්‍රථම අවස්ථාව. මම මෙම ලිපිය මගින් ඔබට කියන්න සූදානම් වන්නේ ඔබලා ගොඩක් කැමති වන කරුණක් පිළිබදවයි. ඒක මොකක්ද කියනවනම් මුදල් සෙවීමේ නවතම ක්‍රමයක් පිළිබදවයි. මේක අළුත් ක්‍රමයක් කිවුවට මේ ගැන බොහෝ කරුණු බ්ලොග් අඩවි වලින් පවා මීට පෙර පලවී ඇති බව ඔබත් දැක තිබෙනවා.මෙම ක්‍රම මගින් මුදල් ඉපයිය හැකි බව මම පුද්ගලිකව අධ්‍යනය කිරීම මගින් සනාථ කරගෙන සිටිනවා 

                        මෙච්චර වටේ යන්නෙ නැතුවම මම කියන්නම්කෝ ඔයගොල්ලන්ට මෙම ක්‍රමය කුමක්ද කියලා. මෙසේ මුදල් හොයන්න නම් ඔබට මුලින්ම අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක් තිබිය යුතුම වෙනවා. මම හිතන පරිදිනම් එය ඔබ සතුව දැනටමත් පවතිනවා විය යුතුයි. මෙම ලිපිය පවා අන්තර්ජාලය තුලින් දක්නට ලැබෙන්නේ ඔබ ඉහත කරුණ සපයා ඇති බැවින් බව මට පැහැදිලියි. ඔබ කල්පනා කර බලන්න මෙම පරිගණයක දිනකට පැය කීයක් නම් ඔබ විසින් පාවිච්චි කරන්නේද යන්න. එයිනුත් පැය කීයක් නම් කිසිදු ප්‍රයෝජනයක් නැති වැඩවලට යොදවන්නේද කියා. එසේනම් ඔබ වැය කරන විදුලි බිල. ඉන්ටර්නෙට් සදහා වැයවන මුදල කිසියම් අයුරකින් මෙම වැඩ කරන අතර තුර ඉපයීමට කැමැත්තක් දක්වන්නේද? එසේනම් මේ සදහා ඔබ නිතැතින්ම උත්සහ කරන බව සහතිකයි.

                      ඔබ නොයෙකුත් අන්දමේ රැකියාවක නිරත වන්නේ කුමක් හෝ මුදලක් උපයා ගැනීමටයි. මේ සදහා ඔබ ඔබගේ රැකියා ස්ථානයට යායුතු වනවා. ඔබ දන්නවාද මෙවැනිම රැකියා වර්තමානයේ අන්තර්ජාලය මගින් සිදුකල හැකි බව? මෙම ලෝකය දැන් ඉතාමත් දියුණුයි. මෙම දියුණුව මගින් අප උපරිම ප්‍රතිථල නෙලා ගත යුතුයි. අන්තර්ජාලය මගින්ද නිවැරදි අන්දමෙන් වැටුප් ලබමින් අපට රැකියාවක් නිරතවිය හැකියි.

                    අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම රාශියක් ලොව තිබෙනවා. මේ අතර google Adsense ක්‍රමය මුදල් ඉපයීම බොහෝ පිරිසක් විසින් සිදුකරනු ලබනවා. නමුත් මේ සදහා ඔබට වෙනම වෙබ් අඩවියක් තිබිය යුතු වෙනවා. Adsense යනු google සමාගම විසින් වෙළද දැන්වීම් ප්‍රචාරනය සදහා ආරම්භවුනු ආයතනයකි. මීට අමතරව type settings,data entry, රැකියාවන්ද බොහෝමයක් අන්තර්ජාලය මගින් ඔබට සිදුකළ හැකිය. මෙවැනි ආයතන බොහෝමයක් සදහා ලියාපදිංචි වීමට මුදල් ඉල්ලනු ලබයි. මෙම මුදල් යෙදවීමේදී අප නිරන්තර අවදානයකින් සිටිය යුතු වනවා. කුමක්නිසාද යත් බොහෝ ආයතන වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන ආයතන බැවිනි

                                  අපට මුදල් ඉපැයිය හැකි තවත් ලෙහෙසි ක්‍රමයක් වනුයේ අන්තර්ජාලය තුළ පලවන්නාවූ නොයෙකුත් දැන්වීම් නැරඹීම තුළිනි. මෙය ඉතා පහසු කටයුත්තකි. මෙම සේවාවන් සපයන් ආයතනද බොහෝමයක් දක්නය පුළුවන එයින් එකක් පිළිබදව මම අද ඔබලාට කියා දෙන්නම්. මුලින්ම අපට මේ සදහා E mail ගිණුමක් හා online bank account එකක් තිබිය යුතු වෙනවා.Email ගිණුමක් සෑදීම සදහා මෙතන ඔබන්න.පසුව පහත උපදෙස් පිළිපදින්න.

1-පැමිණ තිබෙන පෝරම පුරවන්න.
2- යන්නට තිබෙන අකුරු ටික පහත කොටුවේ ටයිප් කරන්න.
3- පෝරම පුරවා අවසානයේ I accept create my account. එක ඔබන්න.
              දැන් ඔබට Email account එකක් ඇත.

online bank account සදහා හොද account එකක් ලෙස alertpay bank account එක දැක්විය හැකියි. ඒ සදහා මෙතන ඔබන්න.
1-Select your account type යන්නට Personal starter යන්න දෙන්න.
2- පසුව next step යන්න ඔබන්න.
3- පසුව Personal Information යන පෝරමය පුරවා next step කරන්න.
4-පසුව Account Information යන්නට final step කරන්න.
5- ඔබට ඔබේ alertpay bank account එක දිස්වේවි.


                 ඉන් පසු clixsense නැමැති ආයතනය වෙත ගොස් අප එහි register විය යුතුය. ඒ සදහා මෙතන ඔබන්න.
              ඉන් පසු ලැබෙන තිරයේ දැක්වෙන MEMBERS යන තැන පහලින් ඇති SIGN UP NOW යන්න ඔබන්න.
             පසුව ලැබෙන පෝරමය පුරවන්න. එහි දැක්වෙන method යන්නට alertpay ලෙස දී පහත ඒ සදහා දුන් Email එක ලබාදෙන්න. CAPTCHA යන්නට එහි දිස්වන රූපයේ ඇති දේ ඉදිරි කොටුව තුළ සටහන් කරන්න. පසුව යටින් ඇති create account යන්න ඔබන්න.
               දැන් ඔබ පෙර සාදන ලද Email account එක වෙතයන්න ඒ සදහා සෙවුම් කොටුව තුළ gmail යන්න සටහන් කර සොයා username,passoword type කර login වන්න. එහි ඇති inbox එක තුළ ඇති clixsense වෙතින් පැමිණ ඇති mail එක තුළට පිවිසෙන්න එහි Please click on the following link in order to confirm it: යන්නට පහලින් ඇති ලින්ක් එක ඔබන්න.

                          දැන් පැමිණෙන පිටුවෙහි ඔබ පෙර සදහන් කල username,passoword type කර login වන්න.

             දැන් ඔබට ඇත්තේ ඒ තුළින් මුදල් ඉපයීමයි. ඒ සදහා ඔබ පිටුවේ උඩ දක්නට ලැබෙන view ads යන්න වෙත පිවිස එහි ඇති වෙළද දැන්වීම නැරඹිය යුතුයි. ඒ සදහා පහතින් දැක්වෙන වෙළද දැන්වීම් ක්ලික් කරන්න. මෙම වෙළද දැන්වීම් නැරඹීමෙන් ලැබෙන මුදල හා එය නැරඹිය යුතු වෙලාව එම දැන්වීම තුළ දක්වා ඇත. එය නැරඹීමට පෙර ඔබට එය බැලීමට හැකිය. එක දැන්වීමක් පැය 24 වරකට 1 වරක් බැගින් නැරඹිය හැකි අතර දිනකට බොහෝ දැන්වීම් ඔවුන් විසින් දෙනු ලබයි. මෙම දැන්වීම් බැලීමේදී තත්පර 80 වක් ඇතුළත එහි උඩ දක්නට ලැබෙට ජායාරූපයට සමාන අනිත් ඉදිරියෙන් ඇති ජායාරූපය ක්ලික් කළ යුතුයි. පසුව තත්පර 3 ක් වැනි කාලයක් එහි සිටීමෙන් හරි සලකුණක් වැටේ. පසුව එම වින්ඩෝ එක Close කලහැකිය. මෙසේ දැන්වීම් නැරඹිමෙන් ඔබට විශාල මුදලක් ඉපයිය හැකි අතර මෙවැනි වෙනත් ආයතන හා එක්වීමෙන් ඔබට මෙය තවත් සාර්ථක කර ගත හැකිය. එසේම මෙය ඔබේ මිතුරන් හා හදුන්වාදීම මගින්ද ඔබට මෙය වැඩිදියුණු කරගත හැකිවේ.

                               එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. මේ සදහා ඔබ comment එකක් දමා ගියාට කිසි වරදක් නෑ. මේ පිළිබද තොරතුරු ලබන බ්ලොග් ලිපියෙන් දන්වන්නම්.

comment 2 ගුණ දොස් ලියන්න:

Anonymous said...

meken money ganna puluwan kiyak unahamada

samitha on June 15, 2012 at 6:50 PM said...

mewagan api dannema na....
uba vitharay danne.....

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen