By Unknown on
Wednesday, November 30, 2011

යාළුවනේ ඔන්න ඔයාළා මග බල බලා සිටි උසස් පෙළ ප්‍රතිඵල ලග ලගම එනවා. මෙවර පාසල් නිවාඩුවට පෙර ඒ කියන්නේ දෙසැම්බර් 9 ට පෙර ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසා තිබෙනවා. පසුගිය අගෝස්තු 8 වැනිදා සිට සැප්තැම්බර් 3 වෙනිදා දක්වා පවත්වන ලද උසස් පෙළ විභාගය සදහා පැරණි නිර්දේශය යටගේ අපේක්ෂකයන් එක් ලක්ෂ 47761 ක්ද නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක් ලක්ෂ 47100 ක් ද පෙනී සිට ඇති බවයි වාර්ථා වන්නේ. ඉතින් මෙම විභාගයේ පිළිතුරු පත්‍ර අදියර තුනක් යටතේ ඇගයීමට ලක් කරන අතර මේ මාසයේ 30 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතව ඇත. එසේම ඉන් අනතුරුව මෙම ප්‍රතිඵල පරිගණක ගත කොට ඉදිරිපත් කරනු ඇත. අපොස උසස් පෙල විභාගයෙහි ඉසෙඩ් ලකුණු තීරණය කිරීම සදහා විශෙෂ කමිටුවක් පත් කොට ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ඒෂියන් මිරර් වෙබ් අඩවියටය පවසා ඇත. මෙයට හේතු වී ඇත්තේ පැරණි හා නව නිර්දේශ යටතේ සිසුන් විභාගයට පෙනී සිටීමත් ඔවුන්ට අසාධාරණයක් නොවන අයුරින් මෙම කටයුත්ත සිදුකිරීමට අවශ්‍ය නිසාවෙනි. එසේම ලබන වසරේදීත් පැරණි හා නව නිර්දේශයන් යටතේ විභාගයන් පවත්වන බවද වැඩිදුරටත් එම වෙබ් අඩවියෙහි දක්වා ඇත.
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.