0 ඊමේල් මගින් බ්ලොග් එකට ලිපි දාමු

             ඔන්න ඉතින් කොල්ලනේ මම අද කියන්න යන්නේ තවත් මරු වැඩක් ගැනයි. ඒ තමයි අපි අපේ බ්ලොග් එකේ පලවෙන ලිපි කෙලින්ම ඊමේල් මගින් යවා එය බ්ලොග් එකේ පල කරන්නේ කොහොමද කියලා. මේක සිම්පල් කේස් එකක්. මේක අපේ බ්ලොග් එක මගින්ම අපිට දීල තියන පහසුකමක්. ඉතින් අපේ අයියලා ගොඩක් මේක දන්නවත් ඇති. හරි කමක් නෑ නොදන්න අයටවත් දැනගන්න ලියන්නම්කෝ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ.

Read more

0 අපේ බ්ලොග් එකෙන් චැට් කරමු

 
              කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන ‍අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි.
Read more

0 ඔබගේ අඩවිය ඇතුළත් කිරීමට

                  කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ‍ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. නමුත් මම ඊට වඩා ගොඩක් වෙනස් විදිහටයි මේක කරන්න යන්නේ. මේ වගේ පුළුල් ප්‍රචාරයක් දෙන වෙන කෙනෙක් ඔන්න ඉතින් ලොවෙත් නෑ :D 
       
Read more

3 Word file එක‍ට password එකක් දාමු




                          කොහොමද ඉතින් යාළුවනේ.  දවසකට දෙකකට පස්සේ ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. කොහෙද ඉතින් මෙකටත් වෙලාවක් තියනවායැ.:D හරි එහෙනම් මෙන්න මේකයි කාරනේ. යාළුවෝ ගොඩක් දෙනෙක් Microsoft Office Word වලින් වැඩ‍ කරනවා ඇති නේද? මම දැන් කියන්න යන්නේ මේකේ පොඩි වැඩක් ගැනයි. මෙච්චර අගේ කලාට මේවගේ සිම්පල් ගේම් අපේ කොල්ලෝ ගොඩක් දන්නවා. හැබැයි ඉතින් මේවා ‍ගැන හොයන අයත් ඉන්නවානේ. ඒකයි මේක ලියන්න හිතුවේ. අපි බලමු මොකක්ද මේ වැඩේ කියලා. වැඩේ තමයි අපි ටයිප් කරපු මොකක් හරි ලිපියක් සදහා වෙනත් කෙනෙකුට බලන්න බැරි විදිහට පාස්වර්ඩ් එකක් ලබා දීම.  ඔයාලා ඉතින් ඉදල හිටල හරි පුද්ගලික වැඩත් මේ මගින් කරනවා ඇතිනේ. ඒකට හොද විසදුමක් තමයි මේක. කථාව නැතුව අපි බලමු මොකක්ද මේ ක්‍රමය කියලා.

             මුලින්ම ඔයාලා Microsoft Office Word  එක විවෘත කරගන්න.

මම නම් ඉතින් මේක කරන්නේ Microsoft Office Word 2007 වලින්. 
 
පසුව office button එක ඔබන්න.
 

 පසුව Prepare වෙත පිවිසෙන්න.
 

එහි encrypt document  වෙත පිවිසෙන්න.

පසුව එන ස්ථානයේ තමන්ගේ මුර පදය ටයිප් කරන්න. 

දැන් ok කරන්න. 

නැවත Reenter password කියන ස්ථානයේ පෙර දුන් මුරපදයම සටහන් කර නැවත ok කරන්න. 


ඔන්න හරි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. අපි නැවත මේ Word file එක‍ට ඇතුළු වන විට පෙර සදහන් කල මුර පදය සටහන් කිරී ම අනිවාර්ය වේ.
අදට එහෙනම් ඇති. පසු දවසක හමුවෙන තුරු ඔබට සමු දෙමි. ස්තූතියි මා මිතුර. මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුවේනම් අදහසක් ඉදිරිපත් කරලම යන්න. එහෙනම් ඔබට ජයවේවා!
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen