ඊමේල් මගින් බ්ලොග් එකට ලිපි දාමු

             ඔන්න ඉතින් කොල්ලනේ මම අද කියන්න යන්නේ තවත් මරු වැඩක් ගැනයි. ඒ තමයි අපි අපේ බ්ලොග් එකේ පලවෙන ලිපි කෙලින්ම ඊමේල් මගින් යවා එය බ්ලොග් එකේ පල කරන්නේ කොහොමද කියලා. මේක සිම්පල් කේස් එකක්. මේක අපේ බ්ලොග් එක මගින්ම අපිට දීල තියන පහසුකමක්. ඉතින් අපේ අයියලා ගොඩක් මේක දන්නවත් ඇති. හරි කමක් නෑ නොදන්න අයටවත් දැනගන්න ලියන්නම්කෝ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ.


               ඔයාලා මුලින්ම ඔයාලාගේ බ්ලොග් එකේ Settings වෙත යන්න. ඒකේ තියනවා Mobile and email කියලා තැනක්. අපි දැන් එතෙන්ට යමු. 

                 හරි එහෙනම් බලන්න ඒ යටතේ තියනවද කියලා Posting using email කියලා තැනක්. මේ පහල තියන රූපය හා සමාන
 

                  මෙම රූපයේ ඇති පරිදි එහි ‍දැක්වෙන හිස් කොටුව තුළ තමන්ගේ ලිපි ලැබිය යුතු විද්‍යුත් තැපැල් ලිපිනය තමන්ට රිසි පරිදි සකසා ගන්න.
පසුව
Publish email immediately (ඊමේල් ‍එක ලැබුණු විගස එය පළවීමට)
Save emails as draft post  (අපේ බ්ලොග් අඩවිය තුළ save වී සිට අපට අවශ්‍ය මොහොතක පල කිරීමට)
Disabled(මෙම ක්‍රියාවලිය නැවතීමට)

යන ඉහත විධාන කිහිපයෙන් ඔබ කැමති එකක් තොරා පසුව එය  save settings කරන්න.

                     දැන් ඔබ ඕනෑම තැනක සිට ලිපියක් ලියා ඉහතින් සකසන ලද විද්‍යුත් තැපැල් ලිපිනයට එවූ විට එය අපගේ බ්ලොග් එක හරහා පලවනු ඇත.

                  මේ ලිපිය මගින් ඔයාලා කුමන ‍හෝ දෙයක් ලැබුවේ නම් ඒ පිළිබදව සටහන් කර යෑමට අමතක කරන්න එපා. මේ පිළිබදව ඔබ දක්වන අදහස් මගේ ගමනට පිටුවහලක් වේවි.

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen