3 දියුණු වෙන්න කියාපු රැකියාව.

                  මුලින්ම කියන්න ඕනි මේ දේ අද අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි මම අද කියන්න යන දේ. ඒ දේ නොදන්න අයට මොකක් හරි හෙල්ප් එකකට තමයි මේක ලියන්න හිතුවේ. මොකද මේ ගැන අද ලොකු උනන්දුවකුත් තියන නිසා. නමුත් මට මේක ලියන්න තේරෙන්නෙත් නෑ. මොනවා හරි අවුලක් තියනවනම් සොරි. හොදේ. මොනවා හරි තියනවනම් කියන්න මට හදාගන්නත් එක්ක. ඒ වගේම දැනගන්න දෙයක් තියනවනම් කියන්න. දන්නවනම් කියන්නම්. මොකටද හංගන්නේ නේද. හොදයි එහෙනම් පටන්ගමුකෝ...........

                  මම මීට කලිනුත් අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම ගැන පොඩි හැදින්වීමක් කලා. ඒ වගේම පොඩි වැඩකුත් කියලා දුන්නා. හැබැයි දැන් දෙන්න යන වැඩේ නම් ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. මේක කරන්න එතරම් ලේසි නෑ. මොකද අපිට කිසියම් දැනුමක් මේ පිළිබදව තිබිය යුතුයි. කොහොමත් ඉතින් වැඩියෙන් සල්ලි හොයන්න වැඩියෙන් මහන්සි වෙන්න එපායැ. කවුද පිනට සල්ලි දෙන්නේ :D. හරි කමක් නෑ යාළුවනේ මම වැඩේට බහින්නම්කෝ

                         මොකක්ද මේ රැකියාව? අපි කවුරුත් වගේ රැකියා කරනවනේ. හෝ..හෝ...... එහෙම කිවුවම හරියනවා යැ. නේද. එතකොට අපේ මේ පොඩි කොල්ලො කෙල්ලන්ට මොකද වෙන්නේ. තව රැකියාවක් ගැන හිතලවත් නෑ  නේද? ගෙදෙට්ට පිං සිද්ද වෙන්න හොදින් ඉන්නවා. හොදයි යාළුවනේ ඒ අපි කාට උනත් මේ රැකියාව කරන්න පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි. යාළුවේ මේ රැකියා ලබා දෙන්නේ නොයෙක් ආයතන මගින්. එවැනි ආයතන බොහෝමයක් අද වන විට ලෝකයේ පවතිනවා. නමුත් ඒවායින් ගොඩක් ඒවා අපිව රැවටීමට ලක් කරන ආයතන. මේ අතර හොද ආයතන මොනවාද යන්න අපි දැන සිටිය යුතුයි. මම මෙවැනි හොද ආයතන දෙකක් ගැන අද ඔයාලට කියලා දෙන්නම්කෝ

                              මෙන්න ඒ ආයතන odesk , freelancer , මේ ආයතන දෙක සමග අද ලෝකයේ බොහෝ දෙනා එකතු වී වැඩ කරනවා. මේවායින් කරනු ලබන්නේ නොයෙකුත් වැඩ ඒ ඒ සුදුසුකම් හිමි පුද්ගලයින්ට ලබා දීමයි. ඇත්තටම කිවුවොත් මෙම සමාගම් අතර මැදියන් ලෙස තමයි කටයුතු කරන්නේ. අපි සිංහලෙන් කියන විදිහට කිවුවොත් අර බෝකර්ලා කියන්නේ. දැන් තේරෙන්න ඇතිනේ. ලෝකයේ නොයෙකුත් පුද්ගලයන් සතු වැඩ මෙම ආයතන මගින් එය කිරීමට සුදුසු පුද්ගලයින්ට බාරදීමයි මේ අය සිදු කරන්නේ.

                            මෙම වැඩේ කරද්දී අපිට මෙම ආයතනය තුළ ලියාපදිංචි විය යුතු වෙනවා. ඉන් පසුව අපගේ සුදුසුකම් මොනවාද යන්න ආදිය ඔවුන් වෙත දැන්විය යුතුයි. එසේම ඔවුන් නොයෙකුත් විභාගයන් තුළින් අපගේ එම දැනුම උරගා බලනවා. තේරෙන්න ඇති නේ. පසුව තමයි අපිට කුමක් හෝ වැඩක් දෙන්නේ. අපගේ සුදුසුකම් සපුරා ගැනීම අනුව අපිට ලැබෙන රැකියා පුමාණයද වෙනස් වෙනවා. එසේම මෙම රැකියා Part Time: 10-30 hrs/week හා Full Time: 30+ hrs/week වශයෙන් සිදු කල හැකියි. ඔයාලට පේනවා ඇතිනේ පැය 10-30 අතර කාලයක් සතියකට කරන්න පුළුවන් පාට් ටයිම් එකකදී. පැය 30 කට වැඩියෙන් කරන්න ඕනි සිතියකට පුල් ටයිම්නම්. ඒවගේම තමා මෙම ආයතන මගින් අපට ලබා දෙන මුදල් අපිට අවශ්‍ය bank එකක් හරහා ගෙන්න ගන්නත් පුළුවන්. ඒවගේම ඔවුන් විසින් අපට අවශ්‍යනම් ඩෙබිට් කාඩ් එකක් හෝ මාස්ටර් කාඩ් එකක් ලබා ගත හැකියි. ඒ පිළිබදව අපි වෙන දවසක කතා කරමු. දැන් මට නිදිමතකුත් එනවා. ගොඩක් රෑ වෙලා.


                        එහෙනම් යාළුවනේ දැන් ඔයාලා මෙම කැමති ආයතනයක් හා සම්බන්ද වී වැඩ කරලා බලන්නකෝ. ඒකට මම පහත දිලා තියන ඒවගෙන් කැමති  එකක් ඔබලා ඇතුල් වෙන්න. ඒ වගේම තමයි ඔය යනින් ගමන් දකුණු පැත්තට like පාරකුත් දාල යන්න අමතක කරන්න එපා හොදේ. හා තව දෙයක් මොනවා හරි යටින් කොටලත් යන්න. මට පොඩි හෙල්ප් එකකටත් එක්ක. එහෙනම් හැමෝටම සුභ ගමන්





The On Demand Global Workforce - oDesk

Freelance Jobs
Read more

0 2011 උසස් පෙළ ප්‍රතිඵල ලගදීම.


යාළුවනේ ඔන්න ඔයාළා මග බල බලා සිටි උසස් පෙළ ප්‍රතිඵල ලග ලගම එනවා. මෙවර පාසල් නිවාඩුවට පෙර ඒ කියන්නේ දෙසැම්බර් 9 ට පෙර ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසා තිබෙනවා. පසුගිය අගෝස්තු 8 වැනිදා සිට සැප්තැම්බර් 3 වෙනිදා දක්වා පවත්වන ලද උසස් පෙළ විභාගය සදහා පැරණි නිර්දේශය යටගේ අපේක්ෂකයන් එක් ලක්ෂ 47761 ක්ද නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක් ලක්ෂ 47100 ක් ද පෙනී සිට ඇති බවයි වාර්ථා වන්නේ. ඉතින් මෙම විභාගයේ  පිළිතුරු පත්‍ර අදියර තුනක් යටතේ ඇගයීමට ලක් කරන අතර මේ මාසයේ 30 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතව ඇත. එසේම ඉන් අනතුරුව මෙම ප්‍රතිඵල පරිගණක ගත කොට ඉදිරිපත් කරනු ඇත. අපොස උසස් පෙල විභාගයෙහි ඉසෙඩ් ලකුණු තීරණය කිරීම සදහා විශෙෂ කමිටුවක් පත් කොට ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ඒෂියන් මිරර් වෙබ් අඩවියටය පවසා ඇත. මෙයට හේතු වී ඇත්තේ පැරණි හා නව නිර්දේශ යටතේ සිසුන් විභාගයට පෙනී සිටීමත් ඔවුන්ට අසාධාරණයක් නොවන අයුරින් මෙම කටයුත්ත සිදුකිරීමට අවශ්‍ය නිසාවෙනි. එසේම ලබන වසරේදීත් පැරණි හා නව නිර්දේශයන් යටතේ විභාගයන් පවත්වන බවද වැඩිදුරටත් එම වෙබ් අඩවියෙහි දක්වා ඇත.


                      



Read more

1 දක්ෂිණ ලංකා අධිවේගී මගෙහි පළමු රිය අනතුර.




                             ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගී මග විවෘත කොට පැය 24 ක් යාමට මත්තෙන් පළමු රිය අනතුර සිදුවිය. මෙය සිදුවී ඇත්තේ උදෑසන 07.10 ට පමණය. කහතුඩුව කිලෝමීටර 8 කණුව අසල මෙම රිය අනතුර සිදුවී ඇති අතර එයින් කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් මෙම අනතුරට ලක්ව ඇත. මේ සදහා වහා ක්‍රියාත්මක වූ හදිසි ආපදා රථ වහා එම ස්ථානයට පැමිණ එම අනතුරින් තුවාල ලැබු රෝගීන් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුලත් කරන ලදී. 


Read more

0 ලංකාවේ අධිවේගී මාර්ග හා දක්ෂිණ අධිවේගී මගෙහි ගමන් මග.




           ලංකාවට අධිවේගී මාර්ගයනු සිහිනයක් වී තිබුනු දෙයකි. නමුත් මෙම සිහිනය සැබැ කරමින් වත්මන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් දක්ෂිණ අධීවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග කිහිපයක්ම ලංකාවට දායාද කිරීමට කටයුතු කරන ලදී එහි ප්‍රතිඵලයක් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ - කටුනායක, කොළඹ - නුවර, සේම යාපනයට හා ත්‍රිකුණාමලයටත් අධිවේගී මාර්ගයන් ඉදිකිරීමට අධිටන් ගෙන කටයුතු කරන ලදී.

             මෙහි පළමු පියවර යටතේ ඉදිවූ දක්ෂීණ අධිවේගී මාර්ගය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද දින (2011/11/27) විවෘත වු අතර එය සවස 06.00 න් පසුව මහජනතාවට විවෘත වේ. මෙහි විවෘත කිරිමෙන් අනතුරුව අතිගරු ජනපති තුමන්,එම ආර්යාව හා සිය පුතුන් දෙදනා මෙහි මුල්ම ගමන් වාරය ආරම්භ කරන ලදී. මෙහි විශේෂිත කරුණ වනුයේ ජනපති තුමන් විසින්ම ඔවුන් ගමන් ගත් වාහනය පැදවීම හා මාර්ගයෙහි ගමන් කිරීම සදහා අවශ්‍ය වන මුල්ම ටිකට් පතද ජනපති තුමන් අතින්ම මුදල් ගෙන මිලදී ගැනිමත්ය.

              මෙම අධිවේගී මාර්ගයන් ඉදිකිරීම සදහා අදහස ප්‍රකාශකරන ලද අවස්ථාවේ හා එහි ඉදිකිරීම් සිදු කරන අවස්ථාවේදීත් නොයෙක් පිරිස් විසින් නොයෙක් ලෙසින් මේ සදහා බාධා පමුණවන ලදී. මෙම ඉදිකිරීම් සදහා විශාල ලෙස අභියෝගයක් වුයේ පාරම්පරික වශයෙන් අයිතිව තිබූ ඉඩ කඩම් පවරා ගැනීමය. එසේම මෙම ඉදිකිරීම් විශාල වශයෙන් සිදුකොට ඇත්තේ වගුරුබිම් හා නොයෙකු කදු ආදිය හරහාය.   එබැවින් ඒවා මත මෙය ඉතා හොද ප්‍රමිතියකට ඉදිකිරීමද ඉතා අපහසු කටයුත්තකි. නමුත් නවීන තාක්ෂණය භාවිත කරමින් වර්තමාන රජය එම අභියෝගය ජයගෙන ඇත.

             

අද දින විවෘත කරන ලද අධීවේගී  මාර්ගයෙහි ආරක්ෂක කටයුතු සදහා ඒ වෙනුවෙන් පුහුණු කරන ලද 500 ක පමණ ආරක්ෂක අංශයෙන් යොදවා ඇති අතර ඒ සදහා සුදුසු වූ පොළිස් රථ වාහනද මෙම මාර්ගයෙහි ආරක්ෂාව වෙනුවෙන් වෙන් කොට ඇත. මිට අමතරව හදිසි ආපදා රථ හා නොයෙකුත් පහසුකම්ද මෙම මාර්ගයෙහි ගමන් කරන මගීන් වෙනුවෙන් යොදවා ඇත. එසේම මෙම අධිවේගී මාර්ගයෙහි මාර්ග නීති ඉතා තදින් ක්‍රියාත්මක වන අතර වේගය මැනීම සදහා ඉතා නවීන තාක්ෂණික උපකරණ පවා භාවිතා කෙරේ.
මෙම මාර්ගයෙහි ගමන් කිරීම සදහා සෑම රියදුරකු විසින්ම නියමිත ගාස්තු ගෙවා අදාල බිල්පත ලග තබාගත යුතු අතර එය ගමනාන්තය දක්වාද සුරක්ෂිතව ලග තබා ගත යුතුය. එසේම සියළු රියදුරන් තම ගමනාන්තය පිළිබදව නිසි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු අතර තමන් ගමන් කළ යුතු මාර්ගයද මුලදීම දැනුවත් විය යුතුය. මෙම මාර්ගයෙහි කිසිදු අවස්ථාවක අතර මැද හැරවීම හෝ පසුපසට ගමන් කිරිම සපුරා තහනම් වන අතර කෙළවර මන් තීරුව ඉක්මවිය හැක්කේ වාහනයක් පසුකොට යෑමේදී පමණි. එසේම මෙහි උපරිම ගමන් කළ හැකි වේගය වනුයේ පැයට කිලෝමීටර 100 ක වේගයෙනි. නොබෝ දිනකින්ම අවම වේග සීමාවද දැනුම් දෙන බව බලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇත. එසේම මෙම මාර්ගයට අවතීර්ණ වීමේදී නිසි වේගයක් පවත්වාගත යුතු බවද රියදුරන් විසින් අවධාරණය කරගත යුතුය. එසේම මෙම මාර්ගයේහි යතුරුපැදි,ත්‍රීවිලර්.කරත්ත,බයිසිකල්, හා පයින් ගමන්කිරීමද සපුරා තහනම්ය.                                       
තවද මෙම මාර්ගයට පිවිසීමේදි ඉතා හොදින් තම වාහනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහි කිසිදු දෝෂයක් මතුවුවහොත් එය සියළු රියදුරන්ට හානිදායක වීම හා එමගින් බොහෝ අනතුරු වීමට ඇති ඉඩ කඩ නිසාවෙනි. එසේම රියදුරුගේ මානසිකත්වයද ඉතා හොදින් පවත්වාගත යුතු බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටී. මෙම මාර්ගයෙහි පිවිසුම් දොරටු මගින් පමණක්ම මෙහි ඇතුලත් විය යුතු අතර එහිදී රියදුරන් හට මෙහි මාර්ග තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් ලබාදීමටද බලධාරීන් කටයුතු යොදා ඇත.
               මේ පිළිබදව බොහෝ තොරතුරු ලිවීමට ඇතත් ඒ සදහා කාලවේලා මා සතුව ඉතිරිව නැති බව කරුණාවෙන් ඔබට ප්‍රකාශ කර සිටිමි. මෙය පිළිබදව ඔබ දක්වන අදහස් මා කරන මෙම කටයුත්තේ සාර්ථකත්වයට හේතුවන බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඔබ මෙහි පැමිණියහෝත් මෙයට පහලින් ඇති අදහස් ප්‍රකාශකිරීමේ ස්ථානය වෙත කිසියම් හෝ කරුණක් සටහන් කිරීම මා දිරිමත් කරයි.

Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen