බ්ලොග් එකට දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාමු

            ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.

         ඔයාලා ලියන බ්ලොග් පිටුවේ HTML වෙත ගිහින් එහි සුදුසු තැනට පහත දී තිබෙන කෝඩ් එක දාන්න


<pre style="background: #eee; padding: 10px;"></pre>

         දැන් නැවත compose වෙත පැමිණි පසුව ඉහත දැක්වෙන පරිදි කොටුවක් (අකුරු නොමැති) ඇවිල්ලා තියෙයි. එතන ඔයාලට අවශ්‍ය  කෝඩ් එක දාන්න

           ඔය මම දාලා තියන කෝඩ් එක දාලා තියෙන්නෙත් ඒ ක්‍රමයටම තමයි. ඔයාලට තව දෙයක් කියන්න තියනවා. ඔයාලාට පේනවා ඇති කහපාටින් කෝඩ් එකක් තියෙනවා මේකේ. ඒක තමයි මෙම කෝඩ් එකේ පාට තීරණය කරන කොටස. එතනට ඔයාලට කැමති පාටක් දාගන්න අවස්ථාව තියෙනවා. ඒ සදහා කරන්න තියෙන්නේ ඔය තියන eee කියන තැනට තමන්ට පාටට අයිති කෝඩ් එක දාගන්න. තවත් ප්‍රශ්නයක් තියෙනවා නේද එතකොට? මේ පාට වලට අයිති කෝඩ් හොයා ගන්නේ කොහෙන්ද කියලා. බය වෙන්න එපා ඒකට විසදුමත් මම දෙනවා. මේ පහලින් පේන රූපය තුළ ඒ ඒ පාටට අයිති කෝඩ් තියෙනවා. ඔයාලට කැමති කෝඩ් එකක් දාගෙන කරලා බලන්න.

මෙන්න එහෙම දාලා හදපු තවත්කෝඩ් කිහිපයක්
‍කොල පාටින්
රතු පාටින්
නිල් පාටින්

             කොහොමද වැඩේ නියමයි‍ නේද?හරි ලේසියි කරන්න. මේ ගැන ගැටළු තියනවනම් විමසන්න. ඔයාලට මේ ගැන හිතෙන දේ ලියලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ වෙන ලිපි‍යකින් හමුවෙන තුරු ඔබට සමු දෙනවා. ස්තූතියි!

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen